Wednesday, November 23, 2011

මගේ පුංචි යාලුවේ....

හඳ නැති රැයට තරු එළියක්‌ වගේ  
මල් නැති ලෝකේ මල පෙත්තක් වගේ 
දිය නැති කතරේ වැහි බිදුවක්  වගේ 
ඉමක්‌ නැති සයුරේ දුපතක් වගේ 

පුංචි දෙයකින් ලොකු වෙනසක් කළ
මගේ පුංචි යාලුවේ....

මගේ පාලුවට ලගට වෙලා
හිතින් වැටෙනකොට දිරිමත් කරලා 
ජයග්‍රහණයේ වගේම 
පරාජයේත් ලඟින් ඉන්න 

ජිවන ගමනේ අහම්බෙන් මට හමුඋන 
මගේ පුංචි යාලුවේ....

අපි හමු නොවේ හරි දුරයි තමයි 
මිතු දමින් අපි එක ලඟයි 
එකිනෙකට හරි වෙනස් තමයි
සිතුවිලි වලින් අපි සමානයි 

වචනයෙන් යාළුවා නොකිවත් 
මගේ පුංචි යාලුවේ....

ඔබට ගොඩක් ණයගැතියි
ඔබට ගොඩක් ස්තුතියි


Sunday, November 6, 2011

හෙම්බි සමඟ බඩේ රුජාවක් හටගත් දිනක දුකට ලියූ කවි

සතියක් වුවත් නැත කිරි බිඳුවක්       දැක්කේ
ඉන් පෙර සැම විටම කිරි විය මගෙ   හක්කේ
නහයට බරැති සොටු සේරම බිම      වැක්කේ
කවදද 'ඹ'යනු, 'න'යනුව මට කිව     හැක්කේ


යනවා මිසක් නැවතුමකට ඉඩක්          නැතී
මෙච්චර යන්න මා කෑ බිවේද              නැතී
අම්මා හැර වෙනත් පිළිසරණක්ද         නැතී
නොබිව්වොතින් නම් අද මගෙ බඩත්   නැතී

එන්න එකතු වෙන්න

*හුරතලාගේ වැඩක් (@ss)
Creative Commons License
blog by අපේ පුංචි ලෝකය is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.