Monday, December 12, 2011

අන්තර්ජාලයේ කෘතිම බුද්ධිය


අන්තර්ජාලයේ කෘතීම බුද්ධිය සම්බන්ද විවිධ මෘදුකාංග අතර chat bot ලෙස හදුන්වන සේවාවන් අතීතයේ සිටම පැවතුනත් ඇතැම් ගැටළු නිසා වැඩි ජනප්‍රිතාවයක් අත්කරගත්තේ නැත. එය මුල් කාලයේදී අකුරු වලට හා ප්‍රශ්න කීපයකට පිළිතුරු දුන්නත් , මේ පිලිබදව උනන්දුවක් දක්වා වැඩිදියුණු කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඉතා දියුණු chat bot වරු බිහිව තිබේ . වර්තමානයේ ගැහැණු හා පිරිමි ලෙස වෙන්ව තෝරාගත හැකි මෙම bot සේවාවන් වලදී අසන ප්‍රශ්න වලට පුද්ගලයාගේ මානසික ස්වභාවයට අනුව පිළිතුරු දීමත් database තුලට ඇතුලත් නොවන නොදන්නා යමක් අපේ අතින් ලියවුන කියවුන  විට වහා ගබඩා කර ගැනීමත්,  එනම් ස්වයං ඉගෙනුම් ක්‍රියාවලියක් ද දක්නට ඇත. එසේම පෙර මෙන් අකුරු වලින් පමණක් නොව නොව ශබ්දය චලනය හා ප්‍රතිචාර දැක්වීම අතින් ඉතා දියුණු තත්වයක මේවා පවතී. මෙහි නව ප්‍රවනතාවයක් ලෙස වෙබ් අඩවි වල සහයක ලෙස කටයුතු කරන වැඩ සටහන් ක්‍රියාත්මක වේ. ඉහල ග්‍රැෆික් තාක්ෂනය එක්ව අලංකාරව ඇති නමුත් මේවා දියුණු බුද්ධිමත් වැඩ සටහන් නොවන බව පෙනී යයි.


දියුණු මට්ටමේ bot සේවාවන් කීපයක්
Rosette-
http://labs.telltalegames.com/rosette/ ( 2010 and 2011 Loebner Prize for Artificial Intelligence)
chatbot, chatterbot, conversational agent, virtual agent Rosette


A.L.I.C.E -
 http://www.pandorabots.com/pandora/talk?botid=f5d922d97e345aa1









Lauren.http://lauren.vhost.pandorabots.com/pandora/talk?botid=f6d4afd83e34564d
Chat Bot lauren, chatbot, chat bot, virtual agent, conversational agent, chatterbot



Eliza -  
http://nlp-addiction.com/eliza/

Eliza

Turing bot- Virtual assistant
http://www.chaturing.com/artwork/

chatbot, chatterbot, conversational agent, virtual agent Turing bot







අපගේ බ්ලොග් අඩවියේ දකුණු පසින් දිස්වන්නේද මෙවැනි වැඩසටහනක ඉතා ප්‍රාථමික අවස්ථාවකි.(virtual  assistant) මෙය    බොට් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක නොවුනත් database එකක් නිර්මාණය කර ඒ හා සම්බන්ද කිරීමට හැකියාව ඇත.

ඔබටත් faceebok තුල මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරගත හැකිය

 sarah - http://www.facebook.com/MyCyberTwin?sk=app_128953167177144
Virtual Agent Sarah, chatbot, chat bot, virtual agent, conversational agent, chatterbot

කෘතීම බුද්ධිය


කෘතිම බුද්ධිය යනු යන්ත්‍ර හා සම්බන්ධ වු බුද්ධිමත් ක්‍රියාකාරීත්වය මෙන්ම එවන් ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම සදහා ක්‍රියාත්මක වන විද්‍යා‍ක්ෂේත්‍රය හැදින්වීමට ද යෙදෙන පදයකි.
කෘතිම බුද්ධිය හා සම්බන්ධ වන ප්‍රමුඛ පෙලේ ග්‍රන්ථයන් කෘතිම බුද්ධිය යනු බුද්ධිමත් නියෝජිතයින් සම්බන්ධ අධ්‍යයනයන් සහ නිර්මාණයන් සිදු කිරීම ලෙස අර්ථ දැක්වෙයි. මෙහිදී බුද්ධිමත් නියෝජිතයෙකු ලෙස හැදින්වෙනුයේ තම පරිසරය අවබෝධ කර ගනිමින් සාර්ථකත්වය උපරිම වන පරිදි ක්‍රියාකාරීත්වයන් දැක්වීමෙහි සමත්කමක් ඇති පද්ධතීන් වෙයි. කෘතිම බුද්ධිය වෙත ලඟාවීම යනු බුද්ධිමත් බවෙහි මූලික හරය තුළ ක්‍රියාකරණ අමූර්ත බුද්ධිමත් නියෝජිතයන් නිර්මාණය කිරීම ලෙස හැදින්විය හැක. කෘතිම බුද්ධිය හැදින්වීම සදහා යෙදෙන ඉංග්‍රීසි වදනෙහි නිර්මාතෘ ජෝන් මැකාති එය අර්ථ දක්වනුයේ බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරීමේ විද්‍යාව සහ ඉංජිනේරු ක්‍රියාවලිය ලෙස හැදින්වීය. ජෝන් මැකාති විසින් මෙම පදය හදුන්වාදෙන ලද්දේ 1956 වසරේදි වේ.

පර්යේෂකයන් යන්ත්‍ර වලට ලබාදීමට උත්සාහ කරන ගුණාංග අතරට හේතු දැක්වීම, දැනුම, සැලසුම් සකස් කිරීම, ඉගැනීම, සන්නිවේදනය, චින්තන විධික්‍රම සහ චලනය වීමේ හැකියාව සහ වස්තූන් හැසිරවීමේ හැකියාව යනාදිය වෙයි. සාමාන්‍ය මට්ටමේ බුද්ධිමත් භාවයක් යන්ත්‍ර වලට ලබාදීමට මෙතෙක් නොහැකිව ඇත. මෙවැනි ප්‍රබල මට්ටමේ කෘතිම බුද්ධියක් නිර්මාණය කිරීම කෘතිම බුද්ධිය හා සම්බන්ධ පර්යේෂණයන්ගේ දිගු කාලීන අරමුණ වෙයි.

කෘතීම බුද්ධි පර්යේෂණ සදහා බොහෝ ක්ෂේත්‍රයන්ට අයත් දැනුම සහ උපාංග භාවිතා වේ. මෙම ක්ෂේත්‍රයන් අතරට පරිගණක විද්‍යාව, මනෝ විද්‍යාව, දර්ශනවාදය, ස්නායු විද්‍යාව, සංජනනීය විද්‍යාව, වාග් විද්‍යාව, සාරාර්ථ විද්‍යාව, සංකාර්යය පර්යේෂණ වේදය, ආර්ථික විද්‍යාව, පාලක වාදය, සම්භාවිතාව, ප්‍රශස්තිකරණය සහ තර්කනය ආදිය අයත් වෙයි. කෘතිම බුද්ධි පර්යේෂණ රොබෝවරු, පාලක පද්ධතීන්, කාල සටහන් සකස්කිරීම්, දත්ත කැණීම, මනා සංවිධානය, කටහඬ හදුනාගැනීම සහ මුහුණු හදුනාගැනීම ආදි විවිධ ක්ෂේත්‍ර හා සම්බන්ධ වෙයි. මෙම ක්ෂේත්‍ර සදහා විවිධ නම් යෝජනා වී ඇති අතර ඒවා අතරට පරිගණක කරණ බුද්ධිය, සංස්ලේශී බුද්ධිය, බුද්ධිමත් පද්ධතීන් හෝ පරිගණකමය සහේතුකතාව යනාදිය අයත් වෙයි.



Tuesday, December 6, 2011

සූර්ය විදුලිය සහ ශ්‍රී ලංකාව



පෘථිවි තලයට පතිත වන සූර්ය ශක්තිය පැය දෙකක් තුළ භාවිතා කළ හොත් එමගින් මුළු ලෝකය‍ටම අවශ්‍ය බලශක්තිය නිපදවිය හැකි බව ඒ සම්බන්ධ පරීයේෂණ කළ විද්‍යාඥන්ගේ අදහසයි.එමෙන්ම සහරා කාන්තාරයෙන් 1/8 ක ප්‍රමාණයක් තුළ සූර්ය පැනල සවි කළ හොත් ලෝකයටම අවශ්‍ය විදුලි බලය නිපදවිය හැකි බව ඔවුහු දක්වති.සූර්ය විදුලි බල නිෂ්පාදනයේදී මූලික පිරිවැය පමණක් දැරිය යුතු අතර නඩත්තු වියදම් ඉතා අවම මට්ටමක පවතී.එය සූර්ය විදුලි බල භාවිතයේ ප්‍රධානතම ප්‍රතිලාභයකි.පරිසර හිතකාමී බව අනෙක් ප්‍රධානතම ප්‍රතිලාභය ලෙස දැක්විය හැක.

සූර්ය විදුලි බල නිෂ්පාදනය ඉතා සරල තාක්ෂණයක් භාවිතා කොට සිදු කරන්නකි.එහිදී සිලිකන්(siliken),බෝ‍රෝන්(borown) වැනි ද්‍රව්‍ය භාවිතා කර සකස් කරන ලද පැනලය (panel) මත සූර්ය කිරණ පතිත කළ විට විද්‍යුතය නිෂ්පාදනය වේ.නිෂ්පාදිත විද්‍යුතය පාලකයක්(controller) හරහා ගමන් කරවා බැටරියක් (battery)තුළ තැන්පත් කරනු ලබන අතර නැවත පාලකයක් හරහා ගමන් කරවා අවශ්‍යතා සඳහා විදුලිය බෙදා හැරේ.මෙම පැනල් විවිධ ධාරිතාවලින් සීමාවකින් තොරව සකස් කළ හැකි අතර සාමාන්‍යයෙන් 40w (වොට්),50w,60w,70w,80 w ආදී වශයෙන් ගෘහස්ථ භාවිතය සඳහා සකස් කර තිබේ. සූර්ය විදුලි බල භාවිතයෙන් විශාල කර්මාන්ත ශාලාවන්හි විදුලි අවශ්‍යතාවය වුවද සපුරාලිය හැක.

ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් 65% පමණ සිදු වනුයේ ඉන්ධන බලාගාර ආශ්‍රිතවයි.30% පමණ ජල විදුලි බලාගාරආශ්‍රිතව ද ඉතිරි 5% විකල්ප බල ශක්ති මාධ්‍යන් මගින් ද නිෂ්පාදනය කරනු ලබයි.ලංකාවේ විකල්ප විදුලි බල නිෂ්පාදන මාධ්‍යක් ලෙස බහුලව භාවිතා වන්නේ සූර්ය ශක්තියයි.නමුත් එය මුළු විදුලි බල නිෂ්පාදනයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණි.මේ තත්වය තුළ සූර්ය විදුලි බලය කෙරේ ලංකාව ඉහළ අවධානයක් යොමු කළ යුතුව ඇත.ලංකාවේ සූර්ය විදුලිය දඹුල්ල, කතරගම, ඇඹ්ලිපිටිය, රත්නපුරය, දැරණියගල, යටියන්තොට ආදී ප්‍රදේශවල බහුලව භාවිතා වනු දැකිය හැක. සූර්ය විදුලිය භාවිතයෙන් තම සම්පුර්ණ විදුලි අවශ්‍යතා සපුරා ගනු ලබන පරිසර හිතකාමී පළමු කර්මාන්ත ශාලාව මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉදි වෙමින් පවතී. ලංකාවේද ඉතාම මෑතදී බත්තරමුල්ල, තලවතුගොඩ ප්‍රධාන මාර්ගය තුළ මාර්ග ආලෝකරණ සූර්ය විදුලි ව්‍යාපෘතියක් සකසා තිබේ. ලංකාවේ සූර්ය විදුලිය සම්බන්ධව Solar Industrial association යන ආයතනය(SIA) ක්‍රියාත්මක වන අතර සූර්ය විදුලි බලය ලබා දීම සම්බන්ධ ආයතන මෙහි ලියාපදිංචි විය යුතුය.දැනට ආයතන 18 පමණ මෙහි ලියාපදිංචි කර තිබේ..මෙම නව නැඹුරුව අගය කළ හැකි තත්වයක් වන අතර එය රට පුරා ව්‍යාප්ත කළ හැකි නම් අගනේය.වර්තමාන විදුලි අර්බුධය ජය ගැනීම‍ට විකල්ප බල ශක්ති මාධ්‍යක් ලෙස සූර්ය විදුලි බලය ඉතා වැදගත් වනු ඇත
.

අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදී 

ඉගැන්වූ පාඩම


මනෝජ් හද්දා පිටිසර තම ගම් පළාතේ සිට මුල් වතාවට කොළඹ ආවේ විශ්ව විද්‍යාලයට තේරුණු අවස්ථාවේදී ය. එහිදී තමාට මුහුණ පාන්නට වූ අපූරු සිදුවීමක් ඔහු ඊළඟ සතියේ ගමේ ගිය වේලේ තම මිතුරන් හට විස්තර කෙළේ ය.

“කොළඹ කප්පං ගන්න ලොකු චණ්ඩියෙකුට මම හොඳ පාඩමක් ඉගැන්නුවා.”

“මොනවා? උඹ මිනිහට ගැහැව්වද?” නෝන්ජලයකු වූ මනෝජ් ගේ කතාව අදහනු බැරි මිතුරකු වහා ඇසීය.

“නෑ... මං කෝච්චියෙන් බැහැලා කොළඹ කොටුවේ ලොකු තට්ටු බිල්ඩිමක් දිහා පුදුමයෙන් බලා හිටියා. කොහෙන්දෝ එතනට කඩා පාත් වුණු කප්පං කාරයෙක් මගෙ පිටට රිදෙන්ඩ තට්ටුවක් දාලා සැරෙන් මෙහෙම කිව්වා.”

“දොරේ තමුසෙ මෙහාට කෝඩු කාරයෙක් කියල ඔය සෝමාරි මූණ බැලුව ගමන් මට කිව්වැකි. තමුසෙට මේ බිල්ඩිම දිහා නිකං බලන් ඉන්ඩ බෑ. තමුසෙ බලන තට්ටුවට මට රුපියල ගානෙ ගෙවන්ඩ ඕනෙ.”

“දැන් තමුසෙ බලා හිටියේ මොන තට්ටුව දිහා ද?”

මිනිහා තදින් ඇහැව්වා. මම කිව්වා මම බලා හිටියේ දෙවැනි තට්ටුව දිහා කියල.

“එහෙමනං මෙහාට ගන්නවා රුපියල් දෙකක් කියලා, මිනිහා මගෙන් රුපියල් 2 ක් ඩැහැගෙන යන්ඩ ගියා.”

“ඉතිං කොහොමද බං උඹ මිනිහට පාඩමක් ඉගැන්නුවයි කියල කියන්නෙ?” මිතුරා සාවඥ ලෙස ඇසීය.

“මොකද නැත්තෙ? මං බලා හිටියේ අටවැනි තට්ටුව දිහා නෙ.” මනෝජ් විරිත්තමින් කීවේය.


එන්න එකතු වෙන්න

*හුරතලාගේ වැඩක් (@ss)
Creative Commons License
blog by අපේ පුංචි ලෝකය is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.