Pages

Monday, September 19, 2011

ඉවසනු ප්‍රචණ්ඩ ප්‍රේමය

දළ රළ පෙළක් අහසට නැග එන විලස
නොසිතන පතන බාධා පිරෙයි මෙලෙස 
රළ පෙළ බිදේයි වැද වෙරළේ වැලි පලස 
ඉවසා සිටිමු අපි සංසිඳුවන තුරු පවස

සම්මත අසම්මත කැප අකැපයන් හට 
හැක මුළු ලොවේ සම්මතයන් වසන්නට 
ග්‍රහයන් පලාපල සහ කලදසාවට 
බැහැ වලකන්න අපගේ එක්වීම හෙට 

පල්ලම් බසින්නේ කන්දක් නැගී පසුය 
සඳ බබළන්නේ ගිනිහිරු බැස ගිය පසුය
මහා වැව පිරෙන්නේ  මහා වැස්සට පසුය 
කඳුලට දුක කිමද?  සිනහව ඉන පසුය 

අත්පුඩි ගසන්නට තනි අතකට බැරිය 
දුරකට ඉගිලෙන්න තනි තටුවට බැරිය 
සිමා මනින්නට තනි ඇසකට බැරිය
මට ඔබ නැතිව ජිවත් වෙන්නට බැරිය 

No comments:

Post a Comment