පෘථිවි තලයට පතිත වන සූර්ය ශක්තිය පැය දෙකක් තුළ භාවිතා කළ හොත් එමගින් මුළු ලෝකයටම අවශ්‍ය බලශක්තිය නිපදවිය හැකි බව ඒ සම්බන්ධ පරීයේෂණ කළ විද්‍යාඥන්ගේ අදහසයි.එමෙන්ම සහරා කාන්තාරයෙන් 1/8 ක ප්‍රමාණයක් තුළ සූර්ය පැනල සවි කළ හොත් ලෝකයටම අවශ්‍ය විදුලි බලය නිපදවිය හැකි බව ඔවුහු දක්වති.සූර්ය විදුලි බල නිෂ්පාදනයේදී මූලික පිරිවැය පමණක් දැරිය යුතු අතර නඩත්තු වියදම් ඉතා අවම මට්ටමක පවතී.එය සූර්ය විදුලි බල භාවිතයේ ප්‍රධානතම ප්‍රතිලාභයකි.පරිසර හිතකාමී බව අනෙක් ප්‍රධානතම ප්‍රතිලාභය ලෙස දැක්විය හැක.
ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් 65% පමණ සිදු වනුයේ ඉන්ධන බලාගාර ආශ්‍රිතවයි.30% පමණ ජල විදුලි බලාගාරආශ්‍රිතව ද ඉතිරි 5% විකල්ප බල ශක්ති මාධ්‍යන් මගින් ද නිෂ්පාදනය කරනු ලබයි.ලංකාවේ විකල්ප විදුලි බල නිෂ්පාදන මාධ්‍යක් ලෙස බහුලව භාවිතා වන්නේ සූර්ය ශක්තියයි.නමුත් එය මුළු විදුලි බල නිෂ්පාදනයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණි.මේ තත්වය තුළ සූර්ය විදුලි බලය කෙරේ ලංකාව ඉහළ අවධානයක් යොමු කළ යුතුව ඇත.ලංකාවේ සූර්ය විදුලිය දඹුල්ල, කතරගම, ඇඹ්ලිපිටිය, රත්නපුරය, දැරණියගල, යටියන්තොට ආදී ප්‍රදේශවල බහුලව භාවිතා වනු දැකිය හැක. සූර්ය විදුලිය භාවිතයෙන් තම සම්පුර්ණ විදුලි අවශ්‍යතා සපුරා ගනු ලබන පරිසර හිතකාමී පළමු කර්මාන්ත ශාලාව මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉදි වෙමින් පවතී. ලංකාවේද ඉතාම මෑතදී බත්තරමුල්ල, තලවතුගොඩ ප්‍රධාන මාර්ගය තුළ මාර්ග ආලෝකරණ සූර්ය විදුලි ව්‍යාපෘතියක් සකසා තිබේ. ලංකාවේ සූර්ය විදුලිය සම්බන්ධව Solar Industrial association යන ආයතනය(SIA) ක්‍රියාත්මක වන අතර සූර්ය විදුලි බලය ලබා දීම සම්බන්ධ ආයතන මෙහි ලියාපදිංචි විය යුතුය.දැනට ආයතන 18 පමණ මෙහි ලියාපදිංචි කර තිබේ..මෙම නව නැඹුරුව අගය කළ හැකි තත්වයක් වන අතර එය රට පුරා ව්‍යාප්ත කළ හැකි නම් අගනේය.වර්තමාන විදුලි අර්බුධය ජය ගැනීමට විකල්ප බල ශක්ති මාධ්‍යක් ලෙස සූර්ය විදුලි බලය ඉතා වැදගත් වනු ඇත
.
අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදී
No comments:
Post a Comment