1.ලෝ වැසි දනා හට කරුණා ගුණ පතුරා
දෙසු බණ මුනිඳු ගුණ ගී ගයනෙමි මතුරා
තුටු වන දිනෙහි ගත ලග දැවටෙන මිතුරා
විපතෙදි නැතොත් දැනගන් ඔහු බව සතුරා
2. නෙක ලක දිළි බරණ දෙනයන මන බඳින
දෙසවන පිරි මිහිරි තුටු ගී සිත බඳින
බාහිර ඔපය රූ මෙනි දිය මත අඳින
සිහිකර මෙබස් දිවි මග සරසන් සොඳින

No comments:
Post a Comment