Pages

Saturday, August 20, 2011

ප්‍රේමනීය වන්දනාව....


1. මුදු රන්කෙඳි වැන්න දිළිසෙන කෙහෙරැල්ලේ

සුදු මල් පිපුණු වත ගෙන යයි පවනැල්ලේ

රතු වන් කොපුල් පිසගෙන යන නළරැල්ලේ

මතුරයි ම'සිත සිපගන්නට සැනසිල්ලේ. . .




2. පැහැබර අඹර දුල හිරු බලමින් මෙදෙස

සුවබර පවන ගෙන එයි නිවමින් වෙහෙස

පින්බර කැළණි වෙහෙරෙහි සුන්දර පහස

මගහැර දමනු ඇත සීමා දස දහස













3. නෙලුමක් රැගෙන දෝතින් මා අසල රැඳී

බුදු රඳු පුදන රුව මා නෙත තදින් බඳී

සැලි සැලි දිලෙන පහනක රැස් හදට වැදී

කුලුඳුල් ම'සිත ඔබ වෙනුවෙන් කවි පබඳී

No comments:

Post a Comment