Pages

Saturday, August 13, 2011

පව්කාරයෝ

මිනිසා' හෝ 'මනුස්සයා' කියන්නේ මනසින් උසස් යන අර්ථයෙන්. අපි අද සමාජය දිහා බැලුවොත් මිනිසා කරන්නේ මනසින් උසස් සත්ත්වයින් කරන කියන දේවල් නෙමෙයි.
සත්ත්වයින් යනුවෙන් අර්ථ දක්වන්නේ ජීවයක් සහ විඥානයක් සහිත වූ සියලුම ප්‍රාණීන් වේ. නුතන ජීවින් වර්ගීකරණය අනුව ගත කල,ජීවී රාජධානි පහ අතුරෙන් Animalia රාජධානියයි. එයට අයත් වන Coelenterata, Plathyhelminthes, Nematoda, Annelida, Arthropoda, Mollusca, Echinodermata හා Chordata යන වංශවල සියලුම ජීවීන් සතුන් ලෙස පිළිගැනේ.
මිට අමතරව තවත් අර්ථ දැක්විය යුතු වදන් දෙකක් පිළිබද අවධානය යොමු කළහොත් මැනවි.
'සත්‍යය' කියන්නේ මොකක්ද?
අපිට ඇහෙන දැනෙන දේ හැමවෙලේම සත්‍යය නෙමෙයි.
විශ්වයේ සියලු දෘෂ්ටීන්ගෙන් ස්වායත්තව ගත කල නිරපේක්ෂ වශයෙන් නිවැරදි වූ සාධකය සත්‍යය නම් වෙයි.
වචන බර වැඩි උනත් තේරුම ගන්න නම් ඔහොම තමයි කියන්ට වෙන්නේ.තේරුනේ නැත්තම් සිංහල පන්තියකට යන්නකෝ.
එතකොට 'සම්මතය' කියන්නේ මොකක්ද?
ගොඩක් අය ඔය වචනේ පාවිච්චි කලාට තේරුමවත් හරියට දන්නවද දන්නේ නෑ.
සත්‍යය හෝ වේවා අසත්‍යය හෝ වේවා සමාජය විසින් ගොඩනගනලද එකඟතාවයක්.
සත්‍යය මතු වන විට සම්මතය බිඳී යන හෙයින් උක්ත සමාජ සම්මතය වනාහි නිරර්ථක වුද ,යුක්තියට පටහැනි වුද එකඟතාවයකි.
දැන් අපි මාතෘකාවට බහිමු.
ඔබ වැඩිපුරම කන්න කැමති මොනවද?
බත්? පරිප්පු? සම්බෝල? නුඩ්ල්ස්? මැකරෝනි? මස්?
ඔබට ආහාර වේලකදී නැතුවම බැරි මොනවද?
පිළී ජාතියක් නැතුව කෑම කන්න බෑ කියල සමහරු කියනවා මම අහල තියනවා.
එසේ නොමැතිව ආහාර ගත හැක්කන් කොපමණ සිටිත්ද?
අපේ පුංචි ලෝකය සංවාදයට විවෘතයි.

No comments:

Post a Comment