Pages

Sunday, August 7, 2011

පුබුදු වන කැකුලු මත

සීතලට ගුලි ගැහුණු

පුංචි පිණි බිංදු

මල් පෙති අගින් බේරී

මහපොළොව වෙත නොදී

සිපගන්න සෙනෙහසින්. . . .

පින්න තැවරුණු කොපුල්

අරුණැල්ලෙ දිලෙන විට

මකරන්ද සොයන උන්

පුංචි මල් පෙති කියා

කොපුල් සිපගන්න හැටි

විඳින්නට සැරසෙන්න

මුතු පින්න ඉහිරුණු

සිනිඳු තණ බිස්ස මත

නෙතු පියා ඇලවෙලා. . .

බඹරුන්ට රොන් දෙන්න

මල් වලට ඉඩ දෙන්න.

priyanga

No comments:

Post a Comment