Pages

Sunday, August 7, 2011


මට නුඹේ ළඟම
නුඹේ හදේ කොනක
මට සිතැඟි ලෙසට
ඉන්නට ඇත්නම්....
ඔය සිනහ පිරුණු
මුව මඩල බලා
හිත පිරෙන තුරා
හිඳිනට ඇත්නම්....
සඳ මඩළ නොවේ
තරු පොකුරු වසා
රෑ අඳුරු වළා
මවනා සිත්තම්....
නුඹෙ සෙනෙහෙ දරා
දිවි තිබෙන තුරා
නුඹ ලඟම හිඳින්නට
පතමි පැතුම්....

Samal

No comments:

Post a Comment