Pages

Tuesday, August 30, 2011

"මඟුලක් කතා කරනවා !!!! "

තාත්තේ.. තාත්තේ..

මොකෑ බොල බෙරිහන් දෙන්නේ? තෝත් අම්මගේ කපාපු මෙව්වා එක! කියපං..

මේ ... තාත්තේ... දැන් මට 24 යි...

ඔව් මට මතකයි.., මං උඹේ අම්මව බැඳලාත් තාම එච්චර නැතුව ඇති මයෙහිතේ..

තාත්තේ.. අම්මා තනියම කුස්සියේ වැඩ නේද?

නැතුව මෝඩයෝ.. ඕවා ගැනුන්ගේ වැඩ,උන් ඉන්න ඕනේ කුස්සියේ තමා..

නෑ තාත්තේ මං මේ කිව්වේ අම්මටත් දැන් තනියම වැඩපල කරගන්නත් අමාරු එකේ....මේ...මේ..

ඉතින්? තෝත් ගිහින් උදව් වෙයන්. පිංබතා වගේ කකා බිබී විතරක් ඉන්නේ නැතුව.

එහෙම නෙමෙයි තාත්තේ.. මගේ වයසත් යනවා නේද..තාත්තේ

නැතුව එක තැන පල වෙන්නේ නෑ යෝදයෝ..වයස යනවා තමයි

තාත්තේ මගේ කොණ්ඩේත් ඉදීගෙන එනවා තාත්තේ...

මේන් බලාපන් මගේ කොණ්ඩේ... තොගේ තියනවද මෙච්චර සුදුවට?

මගේ යාලුවෙකුත් ගිය සුමානේ කසාද බැන්ද තාත්තේ..

ඉතිං?

ඉතිං... මමත්...

තෝ උන්ගේ පවූලත් කඩන්නද හදන්නේ පව්කාරයා?

නෑ තාත්තේ මං..මං...දැන් ජොබ් එකකුත් කරන නිසා....

මං දන්නවා මගේ පුතා මට සලකන විත්තිය...ගිය සැරේ චිට් එක වැඩ කරෙත් නෑනේ...

නෑ තාත්තේ මං නිකන් තාත්තට කතා කලේ...මං ගෙට යන්නම්...

2 comments:

  1. අඩොව් මේක නම් පිස්සු පූකුදු! :D

    ReplyDelete
  2. චතුරි මින්දුලාJanuary 7, 2012 at 12:04 AM

    මරු

    ReplyDelete