Pages

Wednesday, November 23, 2011

මගේ පුංචි යාලුවේ....

හඳ නැති රැයට තරු එළියක්‌ වගේ  
මල් නැති ලෝකේ මල පෙත්තක් වගේ 
දිය නැති කතරේ වැහි බිදුවක්  වගේ 
ඉමක්‌ නැති සයුරේ දුපතක් වගේ 

පුංචි දෙයකින් ලොකු වෙනසක් කළ
මගේ පුංචි යාලුවේ....

මගේ පාලුවට ලගට වෙලා
හිතින් වැටෙනකොට දිරිමත් කරලා 
ජයග්‍රහණයේ වගේම 
පරාජයේත් ලඟින් ඉන්න 

ජිවන ගමනේ අහම්බෙන් මට හමුඋන 
මගේ පුංචි යාලුවේ....

අපි හමු නොවේ හරි දුරයි තමයි 
මිතු දමින් අපි එක ලඟයි 
එකිනෙකට හරි වෙනස් තමයි
සිතුවිලි වලින් අපි සමානයි 

වචනයෙන් යාළුවා නොකිවත් 
මගේ පුංචි යාලුවේ....

ඔබට ගොඩක් ණයගැතියි
ඔබට ගොඩක් ස්තුතියි


No comments:

Post a Comment