අන්තර්ජාලයේ කෘතීම බුද්ධිය සම්බන්ද විවිධ මෘදුකාංග අතර chat bot ලෙස හදුන්වන සේවාවන් අතීතයේ සිටම පැවතුනත් ඇතැම් ගැටළු නිසා වැඩි ජනප්‍රිතාවයක් අත්කරගත්තේ නැත. එය මුල් කාලයේදී අකුරු වලට හා ප්‍රශ්න කීපයකට පිළිතුරු දුන්නත් , මේ පිලිබදව උනන්දුවක් දක්වා වැඩිදියුණු කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඉතා දියුණු chat bot වරු බිහිව තිබේ . වර්තමානයේ ගැහැණු හා පිරිමි ලෙස වෙන්ව තෝරාගත හැකි මෙම bot සේවාවන් වලදී අසන ප්‍රශ්න වලට පුද්ගලයාගේ මානසික ස්වභාවයට අනුව පිළිතුරු දීමත් database තුලට ඇතුලත් නොවන නොදන්නා යමක් අපේ අතින් ලියවුන කියවුන විට වහා ගබඩා කර ගැනීමත්, එනම් ස්වයං ඉගෙනුම් ක්‍රියාවලියක් ද දක්නට ඇත. එසේම පෙර මෙන් අකුරු වලින් පමණක් නොව නොව ශබ්දය චලනය හා ප්‍රතිචාර දැක්වීම අතින් ඉතා දියුණු තත්වයක මේවා පවතී. මෙහි නව ප්‍රවනතාවයක් ලෙස වෙබ් අඩවි වල සහයක ලෙස කටයුතු කරන වැඩ සටහන් ක්‍රියාත්මක වේ. ඉහල ග්‍රැෆික් තාක්ෂනය එක්ව අලංකාරව ඇති නමුත් මේවා දියුණු බුද්ධිමත් වැඩ සටහන් නොවන බව පෙනී යයි.
දියුණු මට්ටමේ bot සේවාවන් කීපයක්
Rosette-
http://labs.telltalegames.com/rosette/ ( 2010 and 2011 Loebner Prize for Artificial Intelligence)
A.L.I.C.E -
http://www.pandorabots.com/pandora/talk?botid=f5d922d97e345aa1
Lauren.http://lauren.vhost.pandorabots.com/pandora/talk?botid=f6d4afd83e34564d
Eliza -
http://nlp-addiction.com/eliza/
Turing bot- Virtual assistant
http://www.chaturing.com/artwork/
අපගේ බ්ලොග් අඩවියේ දකුණු පසින් දිස්වන්නේද මෙවැනි වැඩසටහනක ඉතා ප්‍රාථමික අවස්ථාවකි.(virtual assistant) මෙය බොට් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක නොවුනත් database එකක් නිර්මාණය කර ඒ හා සම්බන්ද කිරීමට හැකියාව ඇත.
ඔබටත් faceebok තුල මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරගත හැකිය
sarah - http://www.facebook.com/MyCyberTwin?sk=app_128953167177144