Pages

Saturday, September 24, 2011

රාවණාගේ දුන්න කැඩුවේ කවුද??


ඔන්න එක්තරා ඉස්කෝලෙකට අධ්‍යාපන පරීක්ෂක කෙනෙක් ඇවිත් පන්තියකට ගියාලු පන්තියේ ඉගැන්වීම පරික්ෂා කරන්න. පන්තියේ හිටපු ගුරුතුමා  ඉතිහාසය උගන්නමින් හිටියලු. පරීක්ෂකතුමා ළමයින්ගෙන් මෙහෙම ඇහුවලු.



" ළමයිනේ කියමු බලන්න කවුද රාවණාගේ දුන්න කැඩුවේ ?"

පන්තියේ හිටපු ළමයෙක් එකසැරේට නැගිටලා කිව්වලු


"අනේ සර් මේ ඉස්කෝලේ මොනවා කැඩුනත් මම තමයි මාට්ටු වෙන්නේ ඒ උනාට ඇත්තමයි  ඕක නම් මම කලේ නෑ"

පුදුම වෙච්ච පරික්ෂකතුමා ගුරුතුමා දිහාට හැරිලා මෙහෙම ඇහුවලු 
"එතකොට ඔබතුමා දන්නෙත් නැත්ද?"

බයවෙච්ච ගුරුතුමා කිව්වලු " ආයෙත් දෙකක් නෑ සර් ඉස්කෝලේ ඉන්න එපාම කරපු උන් ඉන්නේ මේ පන්තියේ මුන් තමයි ඕක කරලා තියෙන්නේ"

පරීක්ෂකතුමා කෙලින්ම ගියාලු විදුහල්පති මුණගැහෙන්න.
"සර් අර පන්තිය නම් අන්තිමයි. කවුරුත් දන්නේ නෑ රාවණාගේ දුන්න කැඩුවේ කවුද කියල"

විදුහල්පති තුමාත් වෙච්ච අවනම්බුවෙන් ගැලවෙන්න මෙහෙම කිව්වලු.
"සර් මේ ඉස්කෝලේ බඩු දෙකතුනක් නම් තිබිල අතුරුදහන් උනා තමයි. එත් මේ වගේ සිද්දියක් වාර්තා වෙච්ච පලවෙනි වතාව. මම ඕක කරපු එකා කොහොම හරි හොයල ඕකව හමගහනවා!!!!"

මල පැනපු පරීක්ෂකතුමා යන්න ගියාලු.සතියකට පස්සේ විදුහල්පතිතුමාට අධ්‍යාපන කාර්යාලයෙන් ලියුමක් ලැබුනලු.

විදුහල්පතිතුමා වෙත,

ඔබ විදුහලට පැමිණි පරීක්ෂකතුමා රාවණාගේ දුන්න කැඩුවේ කවුද යන්න මෙම පාසලේ කිසිවකු නොදන්නා බව ලොග් සටහන් පොතේ දක්වා ඇත. පාසලේ යම් දෙයක් වේ නම් එහි අයිතිය රජය සතු වන බැවින් කරුණාකර රාවණාගේ දුන්නේ ඉතිරි කොටස් සමග අධ්‍යාපන කාර්යාලයට පැමිණ මා හමු වන ලෙස දන්වා සිටිමි.

මීට
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක 

(මම හිතන්නේ ලංකාවේ සිදුවීමක් නම් නෙවෙයි) 

3 comments:

  1. hurathalage katanam hurathal ne wage

    ReplyDelete
  2. නියම කතාව මචන්. අපේ රටේනම් වෙන්න බෑ ඔය සිද්ධිය. මොකද අපි ඉතිහාසය කාලනේ ඉන්නේ....

    ReplyDelete