Monday, December 12, 2011

අන්තර්ජාලයේ කෘතිම බුද්ධිය


අන්තර්ජාලයේ කෘතීම බුද්ධිය සම්බන්ද විවිධ මෘදුකාංග අතර chat bot ලෙස හදුන්වන සේවාවන් අතීතයේ සිටම පැවතුනත් ඇතැම් ගැටළු නිසා වැඩි ජනප්‍රිතාවයක් අත්කරගත්තේ නැත. එය මුල් කාලයේදී අකුරු වලට හා ප්‍රශ්න කීපයකට පිළිතුරු දුන්නත් , මේ පිලිබදව උනන්දුවක් දක්වා වැඩිදියුණු කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඉතා දියුණු chat bot වරු බිහිව තිබේ . වර්තමානයේ ගැහැණු හා පිරිමි ලෙස වෙන්ව තෝරාගත හැකි මෙම bot සේවාවන් වලදී අසන ප්‍රශ්න වලට පුද්ගලයාගේ මානසික ස්වභාවයට අනුව පිළිතුරු දීමත් database තුලට ඇතුලත් නොවන නොදන්නා යමක් අපේ අතින් ලියවුන කියවුන  විට වහා ගබඩා කර ගැනීමත්,  එනම් ස්වයං ඉගෙනුම් ක්‍රියාවලියක් ද දක්නට ඇත. එසේම පෙර මෙන් අකුරු වලින් පමණක් නොව නොව ශබ්දය චලනය හා ප්‍රතිචාර දැක්වීම අතින් ඉතා දියුණු තත්වයක මේවා පවතී. මෙහි නව ප්‍රවනතාවයක් ලෙස වෙබ් අඩවි වල සහයක ලෙස කටයුතු කරන වැඩ සටහන් ක්‍රියාත්මක වේ. ඉහල ග්‍රැෆික් තාක්ෂනය එක්ව අලංකාරව ඇති නමුත් මේවා දියුණු බුද්ධිමත් වැඩ සටහන් නොවන බව පෙනී යයි.


දියුණු මට්ටමේ bot සේවාවන් කීපයක්
Rosette-
http://labs.telltalegames.com/rosette/ ( 2010 and 2011 Loebner Prize for Artificial Intelligence)
chatbot, chatterbot, conversational agent, virtual agent Rosette


A.L.I.C.E -
 http://www.pandorabots.com/pandora/talk?botid=f5d922d97e345aa1









Lauren.http://lauren.vhost.pandorabots.com/pandora/talk?botid=f6d4afd83e34564d
Chat Bot lauren, chatbot, chat bot, virtual agent, conversational agent, chatterbot



Eliza -  
http://nlp-addiction.com/eliza/

Eliza

Turing bot- Virtual assistant
http://www.chaturing.com/artwork/

chatbot, chatterbot, conversational agent, virtual agent Turing bot







අපගේ බ්ලොග් අඩවියේ දකුණු පසින් දිස්වන්නේද මෙවැනි වැඩසටහනක ඉතා ප්‍රාථමික අවස්ථාවකි.(virtual  assistant) මෙය    බොට් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක නොවුනත් database එකක් නිර්මාණය කර ඒ හා සම්බන්ද කිරීමට හැකියාව ඇත.

ඔබටත් faceebok තුල මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරගත හැකිය

 sarah - http://www.facebook.com/MyCyberTwin?sk=app_128953167177144
Virtual Agent Sarah, chatbot, chat bot, virtual agent, conversational agent, chatterbot

කෘතීම බුද්ධිය


කෘතිම බුද්ධිය යනු යන්ත්‍ර හා සම්බන්ධ වු බුද්ධිමත් ක්‍රියාකාරීත්වය මෙන්ම එවන් ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම සදහා ක්‍රියාත්මක වන විද්‍යා‍ක්ෂේත්‍රය හැදින්වීමට ද යෙදෙන පදයකි.
කෘතිම බුද්ධිය හා සම්බන්ධ වන ප්‍රමුඛ පෙලේ ග්‍රන්ථයන් කෘතිම බුද්ධිය යනු බුද්ධිමත් නියෝජිතයින් සම්බන්ධ අධ්‍යයනයන් සහ නිර්මාණයන් සිදු කිරීම ලෙස අර්ථ දැක්වෙයි. මෙහිදී බුද්ධිමත් නියෝජිතයෙකු ලෙස හැදින්වෙනුයේ තම පරිසරය අවබෝධ කර ගනිමින් සාර්ථකත්වය උපරිම වන පරිදි ක්‍රියාකාරීත්වයන් දැක්වීමෙහි සමත්කමක් ඇති පද්ධතීන් වෙයි. කෘතිම බුද්ධිය වෙත ලඟාවීම යනු බුද්ධිමත් බවෙහි මූලික හරය තුළ ක්‍රියාකරණ අමූර්ත බුද්ධිමත් නියෝජිතයන් නිර්මාණය කිරීම ලෙස හැදින්විය හැක. කෘතිම බුද්ධිය හැදින්වීම සදහා යෙදෙන ඉංග්‍රීසි වදනෙහි නිර්මාතෘ ජෝන් මැකාති එය අර්ථ දක්වනුයේ බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරීමේ විද්‍යාව සහ ඉංජිනේරු ක්‍රියාවලිය ලෙස හැදින්වීය. ජෝන් මැකාති විසින් මෙම පදය හදුන්වාදෙන ලද්දේ 1956 වසරේදි වේ.

පර්යේෂකයන් යන්ත්‍ර වලට ලබාදීමට උත්සාහ කරන ගුණාංග අතරට හේතු දැක්වීම, දැනුම, සැලසුම් සකස් කිරීම, ඉගැනීම, සන්නිවේදනය, චින්තන විධික්‍රම සහ චලනය වීමේ හැකියාව සහ වස්තූන් හැසිරවීමේ හැකියාව යනාදිය වෙයි. සාමාන්‍ය මට්ටමේ බුද්ධිමත් භාවයක් යන්ත්‍ර වලට ලබාදීමට මෙතෙක් නොහැකිව ඇත. මෙවැනි ප්‍රබල මට්ටමේ කෘතිම බුද්ධියක් නිර්මාණය කිරීම කෘතිම බුද්ධිය හා සම්බන්ධ පර්යේෂණයන්ගේ දිගු කාලීන අරමුණ වෙයි.

කෘතීම බුද්ධි පර්යේෂණ සදහා බොහෝ ක්ෂේත්‍රයන්ට අයත් දැනුම සහ උපාංග භාවිතා වේ. මෙම ක්ෂේත්‍රයන් අතරට පරිගණක විද්‍යාව, මනෝ විද්‍යාව, දර්ශනවාදය, ස්නායු විද්‍යාව, සංජනනීය විද්‍යාව, වාග් විද්‍යාව, සාරාර්ථ විද්‍යාව, සංකාර්යය පර්යේෂණ වේදය, ආර්ථික විද්‍යාව, පාලක වාදය, සම්භාවිතාව, ප්‍රශස්තිකරණය සහ තර්කනය ආදිය අයත් වෙයි. කෘතිම බුද්ධි පර්යේෂණ රොබෝවරු, පාලක පද්ධතීන්, කාල සටහන් සකස්කිරීම්, දත්ත කැණීම, මනා සංවිධානය, කටහඬ හදුනාගැනීම සහ මුහුණු හදුනාගැනීම ආදි විවිධ ක්ෂේත්‍ර හා සම්බන්ධ වෙයි. මෙම ක්ෂේත්‍ර සදහා විවිධ නම් යෝජනා වී ඇති අතර ඒවා අතරට පරිගණක කරණ බුද්ධිය, සංස්ලේශී බුද්ධිය, බුද්ධිමත් පද්ධතීන් හෝ පරිගණකමය සහේතුකතාව යනාදිය අයත් වෙයි.



Tuesday, December 6, 2011

සූර්ය විදුලිය සහ ශ්‍රී ලංකාව



පෘථිවි තලයට පතිත වන සූර්ය ශක්තිය පැය දෙකක් තුළ භාවිතා කළ හොත් එමගින් මුළු ලෝකය‍ටම අවශ්‍ය බලශක්තිය නිපදවිය හැකි බව ඒ සම්බන්ධ පරීයේෂණ කළ විද්‍යාඥන්ගේ අදහසයි.එමෙන්ම සහරා කාන්තාරයෙන් 1/8 ක ප්‍රමාණයක් තුළ සූර්ය පැනල සවි කළ හොත් ලෝකයටම අවශ්‍ය විදුලි බලය නිපදවිය හැකි බව ඔවුහු දක්වති.සූර්ය විදුලි බල නිෂ්පාදනයේදී මූලික පිරිවැය පමණක් දැරිය යුතු අතර නඩත්තු වියදම් ඉතා අවම මට්ටමක පවතී.එය සූර්ය විදුලි බල භාවිතයේ ප්‍රධානතම ප්‍රතිලාභයකි.පරිසර හිතකාමී බව අනෙක් ප්‍රධානතම ප්‍රතිලාභය ලෙස දැක්විය හැක.

සූර්ය විදුලි බල නිෂ්පාදනය ඉතා සරල තාක්ෂණයක් භාවිතා කොට සිදු කරන්නකි.එහිදී සිලිකන්(siliken),බෝ‍රෝන්(borown) වැනි ද්‍රව්‍ය භාවිතා කර සකස් කරන ලද පැනලය (panel) මත සූර්ය කිරණ පතිත කළ විට විද්‍යුතය නිෂ්පාදනය වේ.නිෂ්පාදිත විද්‍යුතය පාලකයක්(controller) හරහා ගමන් කරවා බැටරියක් (battery)තුළ තැන්පත් කරනු ලබන අතර නැවත පාලකයක් හරහා ගමන් කරවා අවශ්‍යතා සඳහා විදුලිය බෙදා හැරේ.මෙම පැනල් විවිධ ධාරිතාවලින් සීමාවකින් තොරව සකස් කළ හැකි අතර සාමාන්‍යයෙන් 40w (වොට්),50w,60w,70w,80 w ආදී වශයෙන් ගෘහස්ථ භාවිතය සඳහා සකස් කර තිබේ. සූර්ය විදුලි බල භාවිතයෙන් විශාල කර්මාන්ත ශාලාවන්හි විදුලි අවශ්‍යතාවය වුවද සපුරාලිය හැක.

ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් 65% පමණ සිදු වනුයේ ඉන්ධන බලාගාර ආශ්‍රිතවයි.30% පමණ ජල විදුලි බලාගාරආශ්‍රිතව ද ඉතිරි 5% විකල්ප බල ශක්ති මාධ්‍යන් මගින් ද නිෂ්පාදනය කරනු ලබයි.ලංකාවේ විකල්ප විදුලි බල නිෂ්පාදන මාධ්‍යක් ලෙස බහුලව භාවිතා වන්නේ සූර්ය ශක්තියයි.නමුත් එය මුළු විදුලි බල නිෂ්පාදනයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණි.මේ තත්වය තුළ සූර්ය විදුලි බලය කෙරේ ලංකාව ඉහළ අවධානයක් යොමු කළ යුතුව ඇත.ලංකාවේ සූර්ය විදුලිය දඹුල්ල, කතරගම, ඇඹ්ලිපිටිය, රත්නපුරය, දැරණියගල, යටියන්තොට ආදී ප්‍රදේශවල බහුලව භාවිතා වනු දැකිය හැක. සූර්ය විදුලිය භාවිතයෙන් තම සම්පුර්ණ විදුලි අවශ්‍යතා සපුරා ගනු ලබන පරිසර හිතකාමී පළමු කර්මාන්ත ශාලාව මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉදි වෙමින් පවතී. ලංකාවේද ඉතාම මෑතදී බත්තරමුල්ල, තලවතුගොඩ ප්‍රධාන මාර්ගය තුළ මාර්ග ආලෝකරණ සූර්ය විදුලි ව්‍යාපෘතියක් සකසා තිබේ. ලංකාවේ සූර්ය විදුලිය සම්බන්ධව Solar Industrial association යන ආයතනය(SIA) ක්‍රියාත්මක වන අතර සූර්ය විදුලි බලය ලබා දීම සම්බන්ධ ආයතන මෙහි ලියාපදිංචි විය යුතුය.දැනට ආයතන 18 පමණ මෙහි ලියාපදිංචි කර තිබේ..මෙම නව නැඹුරුව අගය කළ හැකි තත්වයක් වන අතර එය රට පුරා ව්‍යාප්ත කළ හැකි නම් අගනේය.වර්තමාන විදුලි අර්බුධය ජය ගැනීම‍ට විකල්ප බල ශක්ති මාධ්‍යක් ලෙස සූර්ය විදුලි බලය ඉතා වැදගත් වනු ඇත
.

අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදී 

ඉගැන්වූ පාඩම


මනෝජ් හද්දා පිටිසර තම ගම් පළාතේ සිට මුල් වතාවට කොළඹ ආවේ විශ්ව විද්‍යාලයට තේරුණු අවස්ථාවේදී ය. එහිදී තමාට මුහුණ පාන්නට වූ අපූරු සිදුවීමක් ඔහු ඊළඟ සතියේ ගමේ ගිය වේලේ තම මිතුරන් හට විස්තර කෙළේ ය.

“කොළඹ කප්පං ගන්න ලොකු චණ්ඩියෙකුට මම හොඳ පාඩමක් ඉගැන්නුවා.”

“මොනවා? උඹ මිනිහට ගැහැව්වද?” නෝන්ජලයකු වූ මනෝජ් ගේ කතාව අදහනු බැරි මිතුරකු වහා ඇසීය.

“නෑ... මං කෝච්චියෙන් බැහැලා කොළඹ කොටුවේ ලොකු තට්ටු බිල්ඩිමක් දිහා පුදුමයෙන් බලා හිටියා. කොහෙන්දෝ එතනට කඩා පාත් වුණු කප්පං කාරයෙක් මගෙ පිටට රිදෙන්ඩ තට්ටුවක් දාලා සැරෙන් මෙහෙම කිව්වා.”

“දොරේ තමුසෙ මෙහාට කෝඩු කාරයෙක් කියල ඔය සෝමාරි මූණ බැලුව ගමන් මට කිව්වැකි. තමුසෙට මේ බිල්ඩිම දිහා නිකං බලන් ඉන්ඩ බෑ. තමුසෙ බලන තට්ටුවට මට රුපියල ගානෙ ගෙවන්ඩ ඕනෙ.”

“දැන් තමුසෙ බලා හිටියේ මොන තට්ටුව දිහා ද?”

මිනිහා තදින් ඇහැව්වා. මම කිව්වා මම බලා හිටියේ දෙවැනි තට්ටුව දිහා කියල.

“එහෙමනං මෙහාට ගන්නවා රුපියල් දෙකක් කියලා, මිනිහා මගෙන් රුපියල් 2 ක් ඩැහැගෙන යන්ඩ ගියා.”

“ඉතිං කොහොමද බං උඹ මිනිහට පාඩමක් ඉගැන්නුවයි කියල කියන්නෙ?” මිතුරා සාවඥ ලෙස ඇසීය.

“මොකද නැත්තෙ? මං බලා හිටියේ අටවැනි තට්ටුව දිහා නෙ.” මනෝජ් විරිත්තමින් කීවේය.


Wednesday, November 23, 2011

මගේ පුංචි යාලුවේ....

හඳ නැති රැයට තරු එළියක්‌ වගේ  
මල් නැති ලෝකේ මල පෙත්තක් වගේ 
දිය නැති කතරේ වැහි බිදුවක්  වගේ 
ඉමක්‌ නැති සයුරේ දුපතක් වගේ 

පුංචි දෙයකින් ලොකු වෙනසක් කළ
මගේ පුංචි යාලුවේ....

මගේ පාලුවට ලගට වෙලා
හිතින් වැටෙනකොට දිරිමත් කරලා 
ජයග්‍රහණයේ වගේම 
පරාජයේත් ලඟින් ඉන්න 

ජිවන ගමනේ අහම්බෙන් මට හමුඋන 
මගේ පුංචි යාලුවේ....

අපි හමු නොවේ හරි දුරයි තමයි 
මිතු දමින් අපි එක ලඟයි 
එකිනෙකට හරි වෙනස් තමයි
සිතුවිලි වලින් අපි සමානයි 

වචනයෙන් යාළුවා නොකිවත් 
මගේ පුංචි යාලුවේ....

ඔබට ගොඩක් ණයගැතියි
ඔබට ගොඩක් ස්තුතියි


Sunday, November 6, 2011

හෙම්බි සමඟ බඩේ රුජාවක් හටගත් දිනක දුකට ලියූ කවි

සතියක් වුවත් නැත කිරි බිඳුවක්       දැක්කේ
ඉන් පෙර සැම විටම කිරි විය මගෙ   හක්කේ
නහයට බරැති සොටු සේරම බිම      වැක්කේ
කවදද 'ඹ'යනු, 'න'යනුව මට කිව     හැක්කේ


යනවා මිසක් නැවතුමකට ඉඩක්          නැතී
මෙච්චර යන්න මා කෑ බිවේද              නැතී
අම්මා හැර වෙනත් පිළිසරණක්ද         නැතී
නොබිව්වොතින් නම් අද මගෙ බඩත්   නැතී

Thursday, September 29, 2011

දෙනෙත විවරයි දකිනු රිසියෙන - යමක් වේනම් දෙනෙත පිනවන.... 

සවන විවරයි අසනු රිසියෙන - නදක් වේනම් සවන් සනහන.... 

මුව අයා ඇත දොඩනු රිසියෙන - යමෙකු වේනම් අසා සිටිනට.... 

නමුදු ..... 

රාත්‍රිය නිහඬ, නිසංසල.... 

වෙලාගෙන ඇත සකල විශ්වය.... 

බැලු බැලූ අත අඳුර පමණය.... 

ඇසු ඇසූ ඉම නිසල සුළඟය....



අපේ පුංචි ලෝකයේ නම සඳහන් කිරීමට අකමැති පාඨකයෙක්ගේ නිර්මාණයකි. 
 ඇයට අපගේ ස්තුතිය

ඒ ඔබයි...... මා සදහටම පෙම් කල



දුටිමි මම යම් දෙයක් - ඔබ මා දෙස බලන බැල්මේ 

තිබුණි එහි සත්‍යයක් - සිනහව අතරින් ඔබේ දෙනෙතේ 

බලාපොරොත්තු නොවූ මඟකදී - බලාපොරොත්තු නොවූ දිනකදී 

බලාපොරොත්තු විය හැකිද එහි අන් යමක්‌? 

නැත එහි තව තවත් රහස් - සියල්ල පැහැදිලි වී අවසන් 

කලක්‌ තිස්සේ සෙවූ නැවතුම හමුවිය හදවතට මගේ

ඒ ඔබයි...... මා සදහටම පෙම් කල


Sunday, September 25, 2011

අපේ බ්ලොග් කෙරුවාව

       මේක මේ බ්ලොග් ගැන කතාවක්. ප්‍රියංග මීට මාසෙකට විතර කලින් විහිලු කතාවක් දැම්ම අපේ බ්ලොග් එකේ මහතුන්ගේ වැසිකිලිය. පුදුමේ කියන්නේ මේක බලන ඉන්දෙද්දී මාර විදියට කට්ටිය කියවන්න ආව. බ්ලොග් කෙරුවාව කරන අය දන්නවා dashboard එකේ ඉඳගෙන කට්ටිය කොහෙන්ද අවේ, මොනවද කියෙව්වේ, විතරක් නෙවෙයි, ආපු පරිගණකයේ ඔක්කොම විස්තර ඇඩ්මින්ට පේනවා. ඉතින් හත්වලාමේ මෙච්චර කාලෙකට කොච්චර පොස්ට් දැම්මත් මේ රෙකෝඩ් එක කඩන්න බැරි උනා. ඇත්තටම එක කියවල හොදට හිනාවෙන්න පුළුවන්. තවමත් බ්ලොග් එකට කවුරු හරි ආවම මේ පොස්ට් එකත් කියවනවා. මට හිතාගන්න බැහැ හේතුව. සමහර විට මොකක් හරි කුණුහරපයක් කියල නම දැක්ක ගමන් හිතෙනවද මන්ද?? එත් අනේ එහෙම දෙයක් නෑ මේක හරි අහිංසක කතාවක් කියල දැක්කම හොදටම බැන බැන යනවත් ඇති.  
           එහෙම කියනකොට තමයි මට තව කතාවක් මතක උනේ. මමත් ලංකාවේ තියෙන බොහොමයක් බ්ලොග් අඩවි ගැන හෙවිල්ලෙන් ඉන්නේ. සමහර විට මේ කියන කෙනාත් මේ පොස්ට් එක කියවනවා නම් අපි එක්ක තරහ වෙන්න එපා. අදහස් ප්‍රකාශ කිරීමට ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා. එකට ගරු කරන්න ඕන. මම දැකපු එක්තරා බ්ලොග් අඩවියක තනිකරම කියවන එකා මෝල් වෙන විදියේ පොස්ට් තමයි තිබුනේ. බොරු කියන්න ඕන නැහැ මමත් කියෙව්වා. මමත් පෘතග්ජන මනුස්සයෙක් නේ??බුදු අම්මේ ඒ පොස්ට් කියවල මමත් මෝල් උනා. හරියට සෞඛ්‍ය පාඩමක් වගේ. හැම පොස්ට් එකටම පුදුම විදියේ කොමෙන්ට් තොගයක්. අපිත් ඉතින් කොල්ලෝ ටික සෙට් උනාම ඔහොම දේවල් ගැන කතා වෙනවා තමයි. එත් ඉතින් ඕවා මහා පාරේ හයියෙන් කියව කියව යනවා නම් ඒක ඉතින් වෙනම දෙයක්. මේ වගේ පොස්ට් ඒවා දාන ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ බ්ලොග් එක කියවන අය වැඩි කරගැනීමේ අදහසින් නම් එක එච්චර හොඳ දෙයක් නෙවෙයි යාලුවේ. කියවන අයගේ මොලේට වදින විදියේ දෙයක් දුන්නොත් ඒකෙන් ලැබෙන සතුට කියල නිම කරන්න බැ කියල බ්ලොග් අඩවි ලියන අයත් මාත් එක්ක එකඟ වෙයි. කරුණා කරලා මේක මේ විවෙච්චනයක් කියල හිතන්න එපා. මේ බ්ලොග් අඩවි තව කාලයක් , සමහර විට අපි මැරුනටත් පස්සේ තියේවි. එතකොට අපිට පස්සේ පරම්පරාව ඒ කියන්නේ අපේ ළමයි මේ පොස්ට් දැක්කම මොනවා හිතයිද?? අපිට බනිද? එහෙමත් නැත්නම් උන් හිතයි අපේ වැඩිහිටියෝ අපිට ඉතිරි කලේ මේවද කියල උන් උන් ගැනම ලජ්ජා වෙයි. උදාහරණයක් විදියට හිතල බලන්න ඇත්තටම අපි උනත් කීයෙන් කීදෙනාද ගමක, ඇලක දොලක නාල, සුන්දර ළමා කාලයක් රස විදලා තියෙන්නේ?? අපි ටොම් සෝයර් , හක්ල්බරි , මඩොල් දුව,  වගේ ළමා කතා පොත් වල කියවපු ළමා කාලේ වීර කතා ඇත්තට අත්විඳලා තියෙනවද?? ඒවා කියවනකොට අපිටත් පුදුම ආසාවක් එන්නේ නැත්ද ඒ වගේ පිස්සු වැඩ කරන්න?? අපිට පොඩි කාලේ එකට ඉඩක් තිබුනද කියල තම තමන්ගේ       හිත්වලින් අහල බලන්න. මම ශිෂ්‍යත්වෙන් කොළඹට ඇවිත් මගේ ළමා ලෝකේ අහිමි කර ගත්ත කෙනෙක් . එත් අපේ වැඩිහිටියෝ ඒ සුන්දරත්වේ වින්දා. එත් ටික දෙනෙක්ගේ වැරදි නිසා ඒ ලෝකේ අපිට අහිමි උනා. වනාන්තරයක් කියල ඇත්තටම දෙයක් දැකල තියෙන්නේ කවුද?? කෝ දැන් ඒවා. ලංකාවේ කොහෙද තියෙන්නේ ?? කෙලින්ම නොවුනත් අපිට යටි හිතින් එයාල ගැන ඉරිසියාවක්‌ එනවා. මගේ කතාවත් ඕනවට වැඩිය දිගට ගියා. ඉතින් ..... 
           බ්ලොග් අයිති සහෝදර සහෝදරියනේ, අපේ මේ වටිනා හැකියාවන් යොදාගෙන සමාජෙට යහපතක් වෙන දෙයක් කරන්න අපි උත්සහ කරමු නේද?? ඒකෙන් අපේ වින්දනයට බාධාවක් වෙනවා කියල මට නම් හිතෙන්නේ නෑ. 

අහිමි බව ඔබව මට.....


ඇස් දෙකට පෙනෙනවා නිරතුරුව ඔබෙ රුව.....


සවනතට ඇහෙනවා නිරතුරුව ඔබෙ හඩ..

හදවතට දැනෙනවා නිරතුරුව ඔබෙ සුවද....

සිතන්නට සිතෙනවා ඔබව මට අයිති බව....

එහෙත් ලෝකයම කියනවා ඔබව මට අහිමි බව...




Saturday, September 24, 2011

රාවණාගේ දුන්න කැඩුවේ කවුද??


ඔන්න එක්තරා ඉස්කෝලෙකට අධ්‍යාපන පරීක්ෂක කෙනෙක් ඇවිත් පන්තියකට ගියාලු පන්තියේ ඉගැන්වීම පරික්ෂා කරන්න. පන්තියේ හිටපු ගුරුතුමා  ඉතිහාසය උගන්නමින් හිටියලු. පරීක්ෂකතුමා ළමයින්ගෙන් මෙහෙම ඇහුවලු.



" ළමයිනේ කියමු බලන්න කවුද රාවණාගේ දුන්න කැඩුවේ ?"

පන්තියේ හිටපු ළමයෙක් එකසැරේට නැගිටලා කිව්වලු


"අනේ සර් මේ ඉස්කෝලේ මොනවා කැඩුනත් මම තමයි මාට්ටු වෙන්නේ ඒ උනාට ඇත්තමයි  ඕක නම් මම කලේ නෑ"

පුදුම වෙච්ච පරික්ෂකතුමා ගුරුතුමා දිහාට හැරිලා මෙහෙම ඇහුවලු 
"එතකොට ඔබතුමා දන්නෙත් නැත්ද?"

බයවෙච්ච ගුරුතුමා කිව්වලු " ආයෙත් දෙකක් නෑ සර් ඉස්කෝලේ ඉන්න එපාම කරපු උන් ඉන්නේ මේ පන්තියේ මුන් තමයි ඕක කරලා තියෙන්නේ"

පරීක්ෂකතුමා කෙලින්ම ගියාලු විදුහල්පති මුණගැහෙන්න.
"සර් අර පන්තිය නම් අන්තිමයි. කවුරුත් දන්නේ නෑ රාවණාගේ දුන්න කැඩුවේ කවුද කියල"

විදුහල්පති තුමාත් වෙච්ච අවනම්බුවෙන් ගැලවෙන්න මෙහෙම කිව්වලු.
"සර් මේ ඉස්කෝලේ බඩු දෙකතුනක් නම් තිබිල අතුරුදහන් උනා තමයි. එත් මේ වගේ සිද්දියක් වාර්තා වෙච්ච පලවෙනි වතාව. මම ඕක කරපු එකා කොහොම හරි හොයල ඕකව හමගහනවා!!!!"

මල පැනපු පරීක්ෂකතුමා යන්න ගියාලු.සතියකට පස්සේ විදුහල්පතිතුමාට අධ්‍යාපන කාර්යාලයෙන් ලියුමක් ලැබුනලු.

විදුහල්පතිතුමා වෙත,

ඔබ විදුහලට පැමිණි පරීක්ෂකතුමා රාවණාගේ දුන්න කැඩුවේ කවුද යන්න මෙම පාසලේ කිසිවකු නොදන්නා බව ලොග් සටහන් පොතේ දක්වා ඇත. පාසලේ යම් දෙයක් වේ නම් එහි අයිතිය රජය සතු වන බැවින් කරුණාකර රාවණාගේ දුන්නේ ඉතිරි කොටස් සමග අධ්‍යාපන කාර්යාලයට පැමිණ මා හමු වන ලෙස දන්වා සිටිමි.

මීට
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක 

(මම හිතන්නේ ලංකාවේ සිදුවීමක් නම් නෙවෙයි) 

Monday, September 19, 2011

ඉවසනු ප්‍රචණ්ඩ ප්‍රේමය

දළ රළ පෙළක් අහසට නැග එන විලස
නොසිතන පතන බාධා පිරෙයි මෙලෙස 
රළ පෙළ බිදේයි වැද වෙරළේ වැලි පලස 
ඉවසා සිටිමු අපි සංසිඳුවන තුරු පවස

සම්මත අසම්මත කැප අකැපයන් හට 
හැක මුළු ලොවේ සම්මතයන් වසන්නට 
ග්‍රහයන් පලාපල සහ කලදසාවට 
බැහැ වලකන්න අපගේ එක්වීම හෙට 

පල්ලම් බසින්නේ කන්දක් නැගී පසුය 
සඳ බබළන්නේ ගිනිහිරු බැස ගිය පසුය
මහා වැව පිරෙන්නේ  මහා වැස්සට පසුය 
කඳුලට දුක කිමද?  සිනහව ඉන පසුය 

අත්පුඩි ගසන්නට තනි අතකට බැරිය 
දුරකට ඉගිලෙන්න තනි තටුවට බැරිය 
සිමා මනින්නට තනි ඇසකට බැරිය
මට ඔබ නැතිව ජිවත් වෙන්නට බැරිය 

Thursday, September 1, 2011

මයික්‍රොසොෆ්ට් අනාගත දැක්ම



මේ video එක කවුරුත් දැකල ඇති කියල හිතනවා. දැකල  නැත්නම් දැන්වත් බලන්න. පුදුමයි නේද?? අනාගත ලෝකේ මෙහෙම වෙනවා නම් කොච්චර හොදද කියල හිතෙනවා. මේ තාක්ෂණය අපේ ජීවිත කාලෙදිම දකින්න පුළුවන් කියල මම හිතනවා. මොකද අපි ඉන්නේ හරිම පුදුමාකාර යුගයක. 

එත්..... මේ video එකේ තියෙන විදියට මෙහෙම තාක්ෂණයකදී මිනිස්සු ලස්සනට සතුටින් සරලව පහසුව ඉදීවිද?? බලන්න අපි දැනටමත් මේ පෙරළිකාර ලෝකේ දුරකථනයි පරිගණකයි  වලට කොච්චර වහල් වෙලද කියල ?? හිතල බලන්න අපේ පරිගණකය ඉස්සරහ වාඩි උනාම කොච්චර වෙලාව ගියත් දැනෙන්නේ නෑ. කන්න බොන්න විතරක් නෙවෙයි සමහරුන්ට නාන්නත් අමතක වෙනවා.

 කොච්චර කිව්වත් මටත් මේකෙන් ගැලවෙන්න  බෑ මොකද අපිත් මේවත් එක්ක ඉස්සරහට නොගියොත් අපිට අනාගතේ ඉන්න වෙන්නේ ආදී වාසින් වගේ තමයි. එත් බලන්න මේ තියෙන තාක්ෂණය නිසා අපි නොදැනම මෙච්චර සමාජෙන් පවුලෙන් හුදකලා වෙනවා නම් අර වගේ තාක්ෂණයකදී අපිට මොකද වෙන්නේ?? මේ නිසා බිහිවෙන්නේ හැගීම් දැනීම් වලින් තොර සමාජයක් මිස මේ වගේ සුන්දර සමාජයක් බිහිවෙයි  කියල අද  සමාජය දිහා බැලුවම නම් හිතෙන්නේ නෑ. මයික්‍රොසොෆ්ට් සිහිනය යතාර්ථයක් වෙන දිනය අත ලග වගේම අපිට නම් නිදි නැතිව ඉන්න වෙන දිනයද අත ළගයි  කියල මට හිතෙනවා

Tuesday, August 30, 2011

"මඟුලක් කතා කරනවා !!!! "

තාත්තේ.. තාත්තේ..

මොකෑ බොල බෙරිහන් දෙන්නේ? තෝත් අම්මගේ කපාපු මෙව්වා එක! කියපං..

මේ ... තාත්තේ... දැන් මට 24 යි...

ඔව් මට මතකයි.., මං උඹේ අම්මව බැඳලාත් තාම එච්චර නැතුව ඇති මයෙහිතේ..

තාත්තේ.. අම්මා තනියම කුස්සියේ වැඩ නේද?

නැතුව මෝඩයෝ.. ඕවා ගැනුන්ගේ වැඩ,උන් ඉන්න ඕනේ කුස්සියේ තමා..

නෑ තාත්තේ මං මේ කිව්වේ අම්මටත් දැන් තනියම වැඩපල කරගන්නත් අමාරු එකේ....මේ...මේ..

ඉතින්? තෝත් ගිහින් උදව් වෙයන්. පිංබතා වගේ කකා බිබී විතරක් ඉන්නේ නැතුව.

එහෙම නෙමෙයි තාත්තේ.. මගේ වයසත් යනවා නේද..තාත්තේ

නැතුව එක තැන පල වෙන්නේ නෑ යෝදයෝ..වයස යනවා තමයි

තාත්තේ මගේ කොණ්ඩේත් ඉදීගෙන එනවා තාත්තේ...

මේන් බලාපන් මගේ කොණ්ඩේ... තොගේ තියනවද මෙච්චර සුදුවට?

මගේ යාලුවෙකුත් ගිය සුමානේ කසාද බැන්ද තාත්තේ..

ඉතිං?

ඉතිං... මමත්...

තෝ උන්ගේ පවූලත් කඩන්නද හදන්නේ පව්කාරයා?

නෑ තාත්තේ මං..මං...දැන් ජොබ් එකකුත් කරන නිසා....

මං දන්නවා මගේ පුතා මට සලකන විත්තිය...ගිය සැරේ චිට් එක වැඩ කරෙත් නෑනේ...

නෑ තාත්තේ මං නිකන් තාත්තට කතා කලේ...මං ගෙට යන්නම්...

මහතුන්ගේ වැසිකිළිය

සිරිපාල සිදාදියට ආවේ රස්සාවක් හොයාගෙන.
කෝච්චියේ නැගලා ඇවිත් ස්ටේෂමේ බැස්ස සිරිපාලට ශරීර කෘත්‍ය කොරන්ට උවමනා උණා.
වටපිට බලලා හොයල හොයල අවසානෙදි විමසීම් කවුන්ටරයෙන් ඇහුවලු, "අනේ මහත්තයෝ, මගේ වැසිකිළිය තියන තැන පොඩ්ඩක් කියනවද තරහ නැතුව? හෙව්වට හම්බුනේ මහතුන්ගේ වැසිකිළිය විතරයි ආයුබෝවන්ඩ... මගේ නම සිරිපාල!!!!"

Saturday, August 20, 2011

ප්‍රේමනීය වන්දනාව....


1. මුදු රන්කෙඳි වැන්න දිළිසෙන කෙහෙරැල්ලේ

සුදු මල් පිපුණු වත ගෙන යයි පවනැල්ලේ

රතු වන් කොපුල් පිසගෙන යන නළරැල්ලේ

මතුරයි ම'සිත සිපගන්නට සැනසිල්ලේ. . .




2. පැහැබර අඹර දුල හිරු බලමින් මෙදෙස

සුවබර පවන ගෙන එයි නිවමින් වෙහෙස

පින්බර කැළණි වෙහෙරෙහි සුන්දර පහස

මගහැර දමනු ඇත සීමා දස දහස













3. නෙලුමක් රැගෙන දෝතින් මා අසල රැඳී

බුදු රඳු පුදන රුව මා නෙත තදින් බඳී

සැලි සැලි දිලෙන පහනක රැස් හදට වැදී

කුලුඳුල් ම'සිත ඔබ වෙනුවෙන් කවි පබඳී

Friday, August 19, 2011

දිවි මගට ඔවදනක්...

1.ලෝ වැසි දනා හට කරුණා ගුණ පතුරා

දෙසු බණ මුනිඳු ගුණ ගී ගයනෙමි මතුරා

තුටු වන දිනෙහි ගත ලග දැවටෙන මිතුරා

විපතෙදි නැතොත් දැනගන් ඔහු බව සතුරා



2. නෙක ලක දිළි බරණ දෙනයන මන බඳින

දෙසවන පිරි මිහිරි තුටු ගී සිත බඳින

බාහිර ඔපය රූ මෙනි දිය මත අඳින

සිහිකර මෙබස් දිවි මග සරසන් සොඳින


Thursday, August 18, 2011

මලවි හැර නොයන්....


මේ ඉන්නේ ජෝන් ඩන් ( John Donne) කියන රචකයා.ඒ වගේම උගත් නීතිඥයෙක්. 1572 ජනවාරි 21 දින ලන්ඩන් නගරයේ උපත ලැබූ මොහු වසර 59 ක් සාහිත්‍ය මෙහෙවරෙහි යෙදී සිට 1631 මාර්තු 31 අවසන් ගමන් ගියා.

 මේ අපූරු පුද්ගලයාව (එයාගේ පද්‍ය) මට හමුවුනේ මහරගම තරුණ සේවා එකේ Advanced National Diploma in English  කරන්න ගිය කාලේ.
පන්තියටම ළමයි 10 ක් විතරයි. කෙල්ලෝ 9යි, කොල්ලෝ 1යි. ඒ අහිංසක කොල්ලා මමයි කියල අමුතුවෙන් ඔය කස්ටියට කියන්න ඕනේ නෑනේ!!

ඉංග්‍රීසි සාහිත්‍යය භාරව ඉගැන්වීම් කළේ ජෝ කියලා ගුරු මහත්මයෙක්. පරණ පප්පා ටයිප් ඉංග්‍රීසි මහත්මයෙක්. උජාරුව සහ පම්පෝරිය එතුමාට උපතින්ම පිහිටලා තිබුණා.
සාහිත්‍යය සම්බන්ධයෙන් එතුමාට තිබුණු දැනුම කාටවත් සම කරන්න නම් බෑ. මෙලෝ හසරක් නොතේරෙන ඉංග්‍රීසි පද්‍ය, එතුමා දක්ෂ ලෙස අපට පැහැදිලි කර දුන්නා.
පන්තියේ එකම කොල්ලා වීම හේතුවෙන් එතුමා මා සමග එක්වී දැඩි ලෙස කාන්තා පාර්ෂවයට බයිට් එල්ල කරන්න පටන්ගැනීමත් සමගම මගේ දයාබර කෙල්ලෝ ටිකට තවත් මාව පේන්න බැරි උණා.

කෙසේ වෙතත් ජෝන් ඩන් කියන අපූරු පුද්ගලයාගේ අග්‍රගණ්‍ය පද්‍ය පන්තියක් වන "Sweetest love, I do not go" , ජෝ ගුරුතුමා අපට පැහැදිලි කලා.

SWEETEST love, I do not go,
For weariness of thee,
Nor in hope the world can show
A fitter love for me ;
But since that I
At the last must part, 'tis best,
Thus to use myself in jest
By feigned deaths to die.

Yesternight the sun went hence,
And yet is here to-day ;
He hath no desire nor sense,
Nor half so short a way ;
Then fear not me,
But believe that I shall make
Speedier journeys, since I take
More wings and spurs than he.

O how feeble is man's power,
That if good fortune fall,
Cannot add another hour,
Nor a lost hour recall ;
But come bad chance,
And we join to it our strength,
And we teach it art and length,
Itself o'er us to advance.

When thou sigh'st, thou sigh'st not wind,
But sigh'st my soul away ;
When thou weep'st, unkindly kind,
My life's blood doth decay.
It cannot be
That thou lovest me as thou say'st,
If in thine my life thou waste,
That art the best of me.

Let not thy divining heart
Forethink me any ill ;
Destiny may take thy part,
And may thy fears fulfil.
But think that we
Are but turn'd aside to sleep.
They who one another keep
Alive, ne'er parted be.



මගේ ප්‍රේමනීය මනසට එක නියම ආහාරයක් උණා. මොකද කියනවා නම් ඒ දවස්වල පන්තියේ එක්තරා ළමයෙකුට මගේ සිත තදින්ම ඇදී ගිහින් තිබුනේ. ඇය ඊට කලින් දවසේ පාඩම සිංහලට හරවා කවියට නගා තිබුණා. හවස ගෙදර ඇවිත් ඇය ගැන මනෝ ගසමින් සිටියදී .. මට මෙබඳු සිතුවිලි පහළ උණා. පාඩමට සමගාමිව මගේ සිත් ගත් අහිංසක ආදරය නිතැතින්ම පැදි බවට පෙරළුනා.

(1)
ගතිනුද සිතින වෙහෙසව ගිය හෙයින ඔබෙන්
වෙන් වී යනු ඇතිය ඔබ නොපතන්න සිතෙන්
සුන්දර අනග සරි ලිය පස සොයන රිසින්
ඔබ හැර නොමැත ලිය සරණක් පතන ලොවින්


(2)
එනමුදු සුපිපි සුව රස බලනා ජීවේ
හැර යා යුතුව ඇත අවසන් දෝලාවේ
සමදන් සුවය ගත නැති සිත තුල පාවේ
මරණය ළං වුවත් එහි ජීවය බෝ වේ


(3)
දිලි මුව රතඹ හැර හිරු බැස ගිය පෙරදා
විලිබර සුරඹ වෙත නැග එයි මරු පරදා
මිලිනව හැගුම අදිටන සිත නොම රන්දා
පිලිවෙල පෙරඹ නොවරද හිරු මග රන්දා


(4)
දිනකර යනෙන මග සලකුණු දෙස නොබලා
රස කර නැගෙන ඔබෙ තොල් පෙති සිහි කරලා
පසු කර දුවමි යොදුනට දහසක් ගෙවලා
සරි කර ගෙවනු මැන දිවි,මා සිහි කරලා


(5)
හොද කල දවස ගෙවී යයි තත්පර මිනිත්තුවෙන්
විදි කල දවස බැහැ ගන්නට තුවක්කුවෙන්
තෙද බල පෙන්වුවද මුව රැඳි සුරුට්ටුවෙන්
මිනිසා දුබලයෙකි ගෙව්වද දිවිය සුවෙන්...


(6)
දෙටු බල නැගෙන විට රත් පැහැ ගිනි ජාලා
සිතිවිලි නොදේ ඉඩ ඉන්නට පිටු පාලා
තැවෙමින් දොසින් දුක් ගින්නෙන් පුරවාලා
ගිනි ගෙන දැවේ තම වරදින් විදවාලා


(7)
සුලගට ඔබ හෙලන සුසුමෙන් නොමැත රිදුම්
ප්රාණය ගසා යයි බිදවා මසිත පැතුම්
සෝ දුක් නිවන්නට සුසුමට කරන පිදුම්
ජීවය මගේ උදුරා ගොස් ගෙනෙයි රිදුම්


(8)
නුවනග නැගෙන දිය,මිනි කැට සිහි ගන්වයි
සුසිනිදු සිනිදු වුවනත ඉන් ඔප ගන්වයි
එනමුදු එයින් මා රුහි අව පැහැ ගන්වයි
නුපුරුදු හැගුම් අප හදවත් බිය ගන්වයි


(9)
සුසුමද,හැඩුම අවි ආයුධ කොට මෙලෙස
මා දිවි නසනුයේ ඇයි ඔබ මේ විලස
මට පෙම් කරන බව ඔබ පැවසූ හවස
සිහියට නැගෙයි ඔබ දුක් වන හැම දවස


(10)
කාලය වටිනවා කහවණු වලට වඩා
කුසලය වටිනවා හැම පවකටම වඩා
පුර සද වටිනවා සද නති රැයට වඩා
මට ඔබ වටිනවා වෙන කාටවත් වඩා


(11)
අසුරන් සුපුර වටැ රණ ගොස නගද්දී
ඔබ දිව හදවතට හී සර විදිද්දී
මා යුධ වදිමි විෂ හී තල කැවෙද්දී
රැක ගනු මැනවි හද,එහි මා මියෙද්දී


(12)
විකසිත වන කුසුම මුකුලිත වී යන්නේ
අලුයම නැගෙන හිරු සවසට බැස යන්නේ
දයිවය අනුව මේ හැම දෙය සිදු වන්නේ
එඩිතර වනු මිසක ඇයි ඉන් බිය වන්නේ?


(13)
සැඩ රලු සුලග නිවුවද අප නෙත් පහන
සිද බිද දමනු නොහැකිය අප සිත් රැහැන
දුක්බර වියොව ගැන දකිමින් සුබ සිහින
දෙපසට හැරී නිදනා මෙනි එක යහන


(14)
මා හද මඩලෙ සැමදා ජීවත් වන්න
ඔබ හද පතුලෙ මා ඇත්දැයි පවසන්න
දෙදෙනා තුලම දෙදෙනා ජීවත් වන්න
මොන අසුරෙකුටවත් බැහැ අප නවතන්න


ප.ලි: අදාල ගැහැණු ළමයා එකල මගේ ප්‍රේමය සිහිනෙන් වත් නුදුටු නමුත් දැන් මගේ පෙම්වතිය වී මගේ ජිවිතයට ආලෝකය දෙන්නීය.
                 එදා වගේම අදත්,හෙටත් මේ පැදි පෙළ ඇයටයි. අපේ ආදරයටයි.

Saturday, August 13, 2011

පව්කාරයෝ

මිනිසා' හෝ 'මනුස්සයා' කියන්නේ මනසින් උසස් යන අර්ථයෙන්. අපි අද සමාජය දිහා බැලුවොත් මිනිසා කරන්නේ මනසින් උසස් සත්ත්වයින් කරන කියන දේවල් නෙමෙයි.
සත්ත්වයින් යනුවෙන් අර්ථ දක්වන්නේ ජීවයක් සහ විඥානයක් සහිත වූ සියලුම ප්‍රාණීන් වේ. නුතන ජීවින් වර්ගීකරණය අනුව ගත කල,ජීවී රාජධානි පහ අතුරෙන් Animalia රාජධානියයි. එයට අයත් වන Coelenterata, Plathyhelminthes, Nematoda, Annelida, Arthropoda, Mollusca, Echinodermata හා Chordata යන වංශවල සියලුම ජීවීන් සතුන් ලෙස පිළිගැනේ.
මිට අමතරව තවත් අර්ථ දැක්විය යුතු වදන් දෙකක් පිළිබද අවධානය යොමු කළහොත් මැනවි.
'සත්‍යය' කියන්නේ මොකක්ද?
අපිට ඇහෙන දැනෙන දේ හැමවෙලේම සත්‍යය නෙමෙයි.
විශ්වයේ සියලු දෘෂ්ටීන්ගෙන් ස්වායත්තව ගත කල නිරපේක්ෂ වශයෙන් නිවැරදි වූ සාධකය සත්‍යය නම් වෙයි.
වචන බර වැඩි උනත් තේරුම ගන්න නම් ඔහොම තමයි කියන්ට වෙන්නේ.තේරුනේ නැත්තම් සිංහල පන්තියකට යන්නකෝ.
එතකොට 'සම්මතය' කියන්නේ මොකක්ද?
ගොඩක් අය ඔය වචනේ පාවිච්චි කලාට තේරුමවත් හරියට දන්නවද දන්නේ නෑ.
සත්‍යය හෝ වේවා අසත්‍යය හෝ වේවා සමාජය විසින් ගොඩනගනලද එකඟතාවයක්.
සත්‍යය මතු වන විට සම්මතය බිඳී යන හෙයින් උක්ත සමාජ සම්මතය වනාහි නිරර්ථක වුද ,යුක්තියට පටහැනි වුද එකඟතාවයකි.
දැන් අපි මාතෘකාවට බහිමු.
ඔබ වැඩිපුරම කන්න කැමති මොනවද?
බත්? පරිප්පු? සම්බෝල? නුඩ්ල්ස්? මැකරෝනි? මස්?
ඔබට ආහාර වේලකදී නැතුවම බැරි මොනවද?
පිළී ජාතියක් නැතුව කෑම කන්න බෑ කියල සමහරු කියනවා මම අහල තියනවා.
එසේ නොමැතිව ආහාර ගත හැක්කන් කොපමණ සිටිත්ද?
අපේ පුංචි ලෝකය සංවාදයට විවෘතයි.

Thursday, August 11, 2011


හමු වූනි නොසිතු ලෙස ඔබ මා දිවි කතරේ
වැටුණි දිය බිදක් මදහස ඔබෙ දුටු විගසේ
ඔබේ රු අදුනා කළඹා මගෙ හද පතුලේ
ඇරඹුණි ආලයක් ඔබ ගැන හිත ඇතුලේ

post by samal

Monday, August 8, 2011

අපේ ගුවන්යානා පාඩම 01


අපේ කස්ටිය බබා කාලේ වගේම දැන් කාලේ බබාලාටත් තියෙන පුදුම උණක් තමයි ප්ලේන් එකක් යද්දි බෙල්ලේ පොට යනකල් ඒක දිහා බලන් ඉන්න එක. ඒකේ පට්ට ත්‍රිල් එකක් තියෙනවා නේන්නම්.මමත් බබා කාලේ ඔහොම තමයි. ඒත් කවදාවත් මේ ක්ෂේත්‍රයට එන්න වෙයි කියලා නම් හිතුවෙම නෑ ඕං
.
ප්ලේන් එකක් යද්දී උඩ බලාගෙන හිටියාට,පුදුම සුන්දරත්වයක් අත්වින්දාට, තිරය පිටිපස්සෙ තියෙන්නෙ එතරම්ම සුන්දර සීන් එකක් නෙමෙයි.
ප්ලේන් එකක්,එහෙමත් නැත්තම් අහස්යානයක් පියාසර කරවනවා කියන්නෙ පට්ට අමාරු වගේම බරපතල කාර්යයක්.
ඉතිං මේවා ගැන විස්තර දැනගන්න කැමති ඔයාලට අපේ පුංචි ලෝකයෙන් අවස්ථාවක් ලැබෙන බවයි මේ සතුටින් කියන්න හදන්නේ!!


අහස්යානා ගැන කතා කරද්දි,විවිධ වර්ග තියනවා. උදාහරණ විදිහට ගත්තොත් යුධ කටයුතු සඳහා භාවිතා කෙරෙන ගුවන් යානා වර්ග ගොඩාක් තියනවනේ,,බෝම්බ දාන්න,වෙඩි තියන්න, සෙබළු ගෙනියන්න,ඔත්තු බලන්න වගේ වැඩ ගොඩකට එක එක ජාතියේ යානා භාවිතා වෙනවා.


පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට් ( passenger transport), ඒ කිව්වෙ මගී ප්‍රවාහනයට තියන ගුවන්යානා වර්ගත් ප්‍රමාණයන් අනුව වෙනස්.ඒ කිව්වෙ ඔය පුංචි ප්ලේන් තියෙන්නේ සී ප්ලේන් වගේ.ඊට අමතරව ගුවන් සමාගම් වල තියෙන ලොකූ ප්ලේන් දන්නවා ඇතිනෙ?? උඩ යද්දී අපි වැඩිපුරම බලා ඉන්නේ ඒවා දිහානෙ.ඒවා කොටස් දෙකකට බෙදෙනවා ගමන් කළ හැකි පරාසය අනුව කෙටි දුර සහ දිගු දුර කියලා(short range & long range).
සාමාන්යයෙන් දනට වැඩිපුරම භාවිතා වෙන්නේ බෝයින්(boeing)සහ එයාර්බස්(airbus) කියන සමාගම් දෙකෙන් නිෂ්පාදනය වන ගුවන්යානා තමයි.
මගීන් විතරද අපි ප්‍රවාහනය කරන්නෙ??
මිනිස්සුන්ගෙ බඩු ගෙනියන්නත් ඕනේ නේද?
 (බඩු කිව්වෙ භාණ්ඩ බව කරුණාවෙන් සලකන්න!)
භාණ්ඩ ප්‍රාවාහනයටත් මේ වගේම ගුවන්යානා යොදාගන්නවා.

මේ ක්ෂේත්‍රය ගැන විස්තර කරන්න මට මුළු ජීවිත කාලයම යයි,, අනේ මගේ තරුණ ජීවිතේ!

ඒ උණත් මම දන්න පුංචිම පුංචි විස්තරවලින් ඇබිත්තක් ඔයාලත් එක්ක බෙදාහදාගන්නම්. දන්න කට්ටිය තව විස්තර කියන්න,, මෙලෝ හසරක් නොදන්න කස්ටිය පොඩ්ඩක් මේකෙ බැරෑරුම්කම තේරුම් ගන්නකෝ.
අපිට ගමනක් යන්න ඕන උණාම අපි මොකද කරන්නෙ? ළඟ තැනකට නම් පයින් යනවානේ. දුරයි නම් බස් එකේ හරි වාහනයක හරිනෙ යන්නෙ. මෙන්න මේකයි සිද්ධිය,,, ඔන්න අපි බස් එකේ ගමනක් යනවා කියලා හිතමුකෝ(හැමෝටම වාහනයක් නැනේ).
බස් එකේ රෝදෙක හුළං ගියා,අපි මොකද කරන්නේ?
බැහැලා වෙන බස් එකක නගිනවා නේද? හදිසියක් නැත්තම් කොන්දා රෝදෙ දානකල් ඉඳලා යතහැකි....හික්ස්.
එහෙමත් නැත්තම් අපි යන වහනේ කැඩුණා කියමුකෝ(අමුතු දේවල් නෙමෙයිනෙ.නේද?) ගරාජ් එකකට ගිහින් හදාගන්න පුලුවන්නෙ කිසිම ගේමක් නැතුව.වාහන පාරේනෙ යන්නෙ. නැවක හරි බෝට්ටුවක හරි ගිහින් අවුලක් උණොත් වතුරට පැනල බේරෙන්න පුලුවන් නෙහ්!!
කොහොමද ඉතිං ගුවන්යානයක් ගුවනේදි අනතුරට ලක් උණොත්? කැඩිණොත්? බඩුම තමා නේද? පැන්නොත් ඒක අන්තිම පැනිල්ල තමයි.

ඔන්න ඔහොමයි ගුවන් ගමනක් අනෙක් ගමනාගමන ක්‍රමයන්ගෙන් වෙනස් වෙන්නේ.
ඒ නිසා සෑමදේටම විශේෂ ප්‍රමිතියක් සහ පුහුණුවක් අනිවාර්යයි.
මේ හැමදෙයක්ම සිද්ධවෙන්නේ ස්ටෑන්ඩර්ඩ් එකකට.
යුධ කටයුතු වලදී මිලිටරි ස්ටෑන්ඩර්ඩ් තියනවා. ගුවන් යානවක නට් එකක් පවා නිපදවන්නේ ඒ ප්‍රමිතියටයි.


ගුවන්යානයක් නිෂ්පාදනය,සවි කිරීම සහ අළුත්වැඩියාවන් සිදු කෙරෙන්නෙත් අදාළ ප්‍රමිතියට විශේෂයෙන් පුහුණු වූ කාර්මික ශිලිපීන් අතින්.
මේවා අන්තර්ජාතික ප්‍රමිතීන්.විශේෂ ආයතන මගින් මේ ප්‍රමිතීන් සකස් කිරීම සහ එම ප්‍රමිතීන් වලට යටත් රටවල් ඒවා අනුගමනය කරනවාද නැද්ද යන්නත් විටින් විට සොයා බැලීම සිදුවෙනවා.උදාහරණයක් වශයෙන් EASA ( European Aviation Safety Agency) කියන්නෙ එහෙම ආයතනයක්.

මගී ආරක්ෂාව තරම් කිසිම දෙයක් වැදගත් නැති බව අපි හැමෝම දන්නවනේ.ජීවිතවල වටිනාකම නිමක් නැහැ.අනිත් අතට සුළු අනතුරකින් සම්පූර්ණ ගුවන් සමාගමක් බංකොළොත් වෙන්න පුලුවන්.




post by Priyanga

Sunday, August 7, 2011

පුබුදු වන කැකුලු මත

සීතලට ගුලි ගැහුණු

පුංචි පිණි බිංදු

මල් පෙති අගින් බේරී

මහපොළොව වෙත නොදී

සිපගන්න සෙනෙහසින්. . . .

පින්න තැවරුණු කොපුල්

අරුණැල්ලෙ දිලෙන විට

මකරන්ද සොයන උන්

පුංචි මල් පෙති කියා

කොපුල් සිපගන්න හැටි

විඳින්නට සැරසෙන්න

මුතු පින්න ඉහිරුණු

සිනිඳු තණ බිස්ස මත

නෙතු පියා ඇලවෙලා. . .

බඹරුන්ට රොන් දෙන්න

මල් වලට ඉඩ දෙන්න.

priyanga

මට නුඹේ ළඟම
නුඹේ හදේ කොනක
මට සිතැඟි ලෙසට
ඉන්නට ඇත්නම්....
ඔය සිනහ පිරුණු
මුව මඩල බලා
හිත පිරෙන තුරා
හිඳිනට ඇත්නම්....
සඳ මඩළ නොවේ
තරු පොකුරු වසා
රෑ අඳුරු වළා
මවනා සිත්තම්....
නුඹෙ සෙනෙහෙ දරා
දිවි තිබෙන තුරා
නුඹ ලඟම හිඳින්නට
පතමි පැතුම්....

Samal

කළු කුහර

කළු කුහරයක් යනු කිසිදු පදාර්ථයකට මෙන්ම ආලෝකයටපවා පිටවිය නොහැකි අභ්‍යවකාශයේ ප්‍රදේශයකි. එය ඉතාමත් ඝන වූ ස්කන්ධයක් විසින්අවකාශ-කාල විරූපී කිරීමේ ප්‍රතිඵලයකි. කළු කුහරය වටා පවතින්නේ හඳුනා ගත නොහැකි,event ක්ෂිතිජය යනුවෙන් හැඳින්වෙන, නැවත නොපැමිනී‍මේ සීමාව ලකුණු කරන මතුපිටයි. එය කළු ලෙස හඳුන්වන්නේ එය මතට පතිත වන සියළු ආලෝකය නැවත පරාවර්ථනය නොකර සම්පූර්ණයෙන් උරා ගන්නා නිසාය (thermodynamics වල එන black body වැනිය).ක්වොන්ටම් විද්‍යාවට අනුව කළු කුහර, සීමිත උෂ්ණත්වයකින් යුතු වස්තුවක් මෙන්, හෝකින් කිරණ විහිදුවයි. මෙම උෂ්ණත්වය කළු කුහරයේ ප්‍රමාණය අනුව අඩු වන බැවින් විශාල ස්කන්ධයකින් යුතු කළු කුහර නිරීක්ෂණය කිරීම අපහසුය

.
Simulation of gravitational lensing by a black hole, which distorts the image of a galaxy in the background


එය අදෘශ්‍ය වුවත්, වෙනත් පදාර්ථ සමග සිදුවන අන්තර්ක්‍රියා මගින් කළු කුහර හඳුනාගත හැකිය. අවකාශයේ ප්‍රදේශයක් වටා පරිභ්‍රමණය වන තරු පොකුරක චලන රටා අධ්‍යනය කිරීමෙන් කළු කුහරයක පිහිටීම හඳුනාගත හැකිය. එමෙන්ම, තරු යුග්මයකින් විශාල කළු කුහරයකට පදාර්ථය ඇදගන්නා විට, එම වායු සර්පිලාකිරව හැඩගැසී, අධි උෂ්ණත්වයකට භාජනය වී නිකුත් කරන විකිරණය, ප්‍රථිවි-ගත දුරෙක්ෂක මගින් හඳුනාගත හැක.
තාරකා විද්‍යාඥයින් විසින් කළු කුහර තිබිය හැකි ස්ථාන විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, චක්‍රාවාට ම්‍ධ්‍යයේ supermassive කළු කුහර පැවතිය හැකි බවට සාධක සොයාගෙන ඇත. ක්‍ෂිර පථය මධ්‍යයේ Sagittarius A* ප්‍රදේශ‍යේ, සූර්ය-සකන්ධ මිලියන 2කට අධික supermassive කළු කුහරයක් පවතින බවට, 1998 වර්ශයේදී, විද්‍යාඥයින් හට ශක්තිමක් සාධක හමුවුනි. නමුත් මෑතකදි කරන ලද පරීක්ෂන වලට අනුව මෙයසූර්ය-සකන්ධ මිලියන 4කට අධික විය යුතු බව සොයාගෙන ඇත.

read more>>>>
click here

එන්න එකතු වෙන්න

*හුරතලාගේ වැඩක් (@ss)
Creative Commons License
blog by අපේ පුංචි ලෝකය is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.