Monday, August 8, 2011

අපේ ගුවන්යානා පාඩම 01


අපේ කස්ටිය බබා කාලේ වගේම දැන් කාලේ බබාලාටත් තියෙන පුදුම උණක් තමයි ප්ලේන් එකක් යද්දි බෙල්ලේ පොට යනකල් ඒක දිහා බලන් ඉන්න එක. ඒකේ පට්ට ත්‍රිල් එකක් තියෙනවා නේන්නම්.මමත් බබා කාලේ ඔහොම තමයි. ඒත් කවදාවත් මේ ක්ෂේත්‍රයට එන්න වෙයි කියලා නම් හිතුවෙම නෑ ඕං
.
ප්ලේන් එකක් යද්දී උඩ බලාගෙන හිටියාට,පුදුම සුන්දරත්වයක් අත්වින්දාට, තිරය පිටිපස්සෙ තියෙන්නෙ එතරම්ම සුන්දර සීන් එකක් නෙමෙයි.
ප්ලේන් එකක්,එහෙමත් නැත්තම් අහස්යානයක් පියාසර කරවනවා කියන්නෙ පට්ට අමාරු වගේම බරපතල කාර්යයක්.
ඉතිං මේවා ගැන විස්තර දැනගන්න කැමති ඔයාලට අපේ පුංචි ලෝකයෙන් අවස්ථාවක් ලැබෙන බවයි මේ සතුටින් කියන්න හදන්නේ!!


අහස්යානා ගැන කතා කරද්දි,විවිධ වර්ග තියනවා. උදාහරණ විදිහට ගත්තොත් යුධ කටයුතු සඳහා භාවිතා කෙරෙන ගුවන් යානා වර්ග ගොඩාක් තියනවනේ,,බෝම්බ දාන්න,වෙඩි තියන්න, සෙබළු ගෙනියන්න,ඔත්තු බලන්න වගේ වැඩ ගොඩකට එක එක ජාතියේ යානා භාවිතා වෙනවා.


පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට් ( passenger transport), ඒ කිව්වෙ මගී ප්‍රවාහනයට තියන ගුවන්යානා වර්ගත් ප්‍රමාණයන් අනුව වෙනස්.ඒ කිව්වෙ ඔය පුංචි ප්ලේන් තියෙන්නේ සී ප්ලේන් වගේ.ඊට අමතරව ගුවන් සමාගම් වල තියෙන ලොකූ ප්ලේන් දන්නවා ඇතිනෙ?? උඩ යද්දී අපි වැඩිපුරම බලා ඉන්නේ ඒවා දිහානෙ.ඒවා කොටස් දෙකකට බෙදෙනවා ගමන් කළ හැකි පරාසය අනුව කෙටි දුර සහ දිගු දුර කියලා(short range & long range).
සාමාන්යයෙන් දනට වැඩිපුරම භාවිතා වෙන්නේ බෝයින්(boeing)සහ එයාර්බස්(airbus) කියන සමාගම් දෙකෙන් නිෂ්පාදනය වන ගුවන්යානා තමයි.
මගීන් විතරද අපි ප්‍රවාහනය කරන්නෙ??
මිනිස්සුන්ගෙ බඩු ගෙනියන්නත් ඕනේ නේද?
 (බඩු කිව්වෙ භාණ්ඩ බව කරුණාවෙන් සලකන්න!)
භාණ්ඩ ප්‍රාවාහනයටත් මේ වගේම ගුවන්යානා යොදාගන්නවා.

මේ ක්ෂේත්‍රය ගැන විස්තර කරන්න මට මුළු ජීවිත කාලයම යයි,, අනේ මගේ තරුණ ජීවිතේ!

ඒ උණත් මම දන්න පුංචිම පුංචි විස්තරවලින් ඇබිත්තක් ඔයාලත් එක්ක බෙදාහදාගන්නම්. දන්න කට්ටිය තව විස්තර කියන්න,, මෙලෝ හසරක් නොදන්න කස්ටිය පොඩ්ඩක් මේකෙ බැරෑරුම්කම තේරුම් ගන්නකෝ.
අපිට ගමනක් යන්න ඕන උණාම අපි මොකද කරන්නෙ? ළඟ තැනකට නම් පයින් යනවානේ. දුරයි නම් බස් එකේ හරි වාහනයක හරිනෙ යන්නෙ. මෙන්න මේකයි සිද්ධිය,,, ඔන්න අපි බස් එකේ ගමනක් යනවා කියලා හිතමුකෝ(හැමෝටම වාහනයක් නැනේ).
බස් එකේ රෝදෙක හුළං ගියා,අපි මොකද කරන්නේ?
බැහැලා වෙන බස් එකක නගිනවා නේද? හදිසියක් නැත්තම් කොන්දා රෝදෙ දානකල් ඉඳලා යතහැකි....හික්ස්.
එහෙමත් නැත්තම් අපි යන වහනේ කැඩුණා කියමුකෝ(අමුතු දේවල් නෙමෙයිනෙ.නේද?) ගරාජ් එකකට ගිහින් හදාගන්න පුලුවන්නෙ කිසිම ගේමක් නැතුව.වාහන පාරේනෙ යන්නෙ. නැවක හරි බෝට්ටුවක හරි ගිහින් අවුලක් උණොත් වතුරට පැනල බේරෙන්න පුලුවන් නෙහ්!!
කොහොමද ඉතිං ගුවන්යානයක් ගුවනේදි අනතුරට ලක් උණොත්? කැඩිණොත්? බඩුම තමා නේද? පැන්නොත් ඒක අන්තිම පැනිල්ල තමයි.

ඔන්න ඔහොමයි ගුවන් ගමනක් අනෙක් ගමනාගමන ක්‍රමයන්ගෙන් වෙනස් වෙන්නේ.
ඒ නිසා සෑමදේටම විශේෂ ප්‍රමිතියක් සහ පුහුණුවක් අනිවාර්යයි.
මේ හැමදෙයක්ම සිද්ධවෙන්නේ ස්ටෑන්ඩර්ඩ් එකකට.
යුධ කටයුතු වලදී මිලිටරි ස්ටෑන්ඩර්ඩ් තියනවා. ගුවන් යානවක නට් එකක් පවා නිපදවන්නේ ඒ ප්‍රමිතියටයි.


ගුවන්යානයක් නිෂ්පාදනය,සවි කිරීම සහ අළුත්වැඩියාවන් සිදු කෙරෙන්නෙත් අදාළ ප්‍රමිතියට විශේෂයෙන් පුහුණු වූ කාර්මික ශිලිපීන් අතින්.
මේවා අන්තර්ජාතික ප්‍රමිතීන්.විශේෂ ආයතන මගින් මේ ප්‍රමිතීන් සකස් කිරීම සහ එම ප්‍රමිතීන් වලට යටත් රටවල් ඒවා අනුගමනය කරනවාද නැද්ද යන්නත් විටින් විට සොයා බැලීම සිදුවෙනවා.උදාහරණයක් වශයෙන් EASA ( European Aviation Safety Agency) කියන්නෙ එහෙම ආයතනයක්.

මගී ආරක්ෂාව තරම් කිසිම දෙයක් වැදගත් නැති බව අපි හැමෝම දන්නවනේ.ජීවිතවල වටිනාකම නිමක් නැහැ.අනිත් අතට සුළු අනතුරකින් සම්පූර්ණ ගුවන් සමාගමක් බංකොළොත් වෙන්න පුලුවන්.




post by Priyanga

1 comment:

Thusy said...

Mamath Harima Asa Deyak Thama Aviation. Mata Poddak Thorathuru Danaganna Oyawa Contact Karaganna puluwanda??

එන්න එකතු වෙන්න

*හුරතලාගේ වැඩක් (@ss)
Creative Commons License
blog by අපේ පුංචි ලෝකය is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.